තවත් ජාවරමක් හෙලිවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු සහ හිටපු නියෝජ්‍ය පාලකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. ඒ නමගිය අපරාධකරුවන් දෙදෙනෙකුට රටින් පැන යාම සඳහා ගමන් බලපත්‍ර සකසා දීම සඳහා සහාය වූ බවට සැකපිටයි.

සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණයටත් අනෙක් සැකකරු කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පැවසේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති  රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශනයකට අනුවයි.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සැකකාර නියෝජ්‍ය පාලකවරයා විසින් නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් “හීනටියන මහේෂ්” නමැති  සංවිධානාත්මක අපරාධකරුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකසා දී ඇති බවට අනාවරණ වී ඇත.

මාණික්කුගේ දිනේෂ් සිල්වා යන ව්‍යාජ නාමය ඇතුළත් කර ව්‍යාජ ගමන් බලපත්‍ර අංකයක් සහ ව්‍යාජ හැඳුනුම්පත් අංකයක් ඇතුළත් කර “හීනටියන මහේෂ්” වෙත විදෙස් ගමන් බලපත්‍රය සකස්කර දී ඇති බවට සැකකාර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයාට චෝදනා එල්ලවී ඇති අතර, සැකකාර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ,

තවද සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ශාන් අරෝෂ ලියනගේ නොහොත් “මතුගම ශාන්” වෙත හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙකු විසින් ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර, දොඩන්ගොඩ ලියනගේ රාජේශ් කුමාර ජයසිංහ නමැති ව්‍යාජ නාමය භාවිත කර සැකකාර හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා විසින් එම ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකස් කර දී ඇති බවද පොලීසිය කියා සිටී.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, සැකකාර හිටපු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයා මේ වනවිට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසට සේවය කරන බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...