පාන්,  කේක් ඇතුළු බේකරි නිෂ්පාදන අලෙවිය පහළ ගිහින්

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 17, කොළඹ (LNW): පාන්,  කේක් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩුකර ජනතාවට සහන සැළසිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. බේකරි නිෂ්පාදන සාධකවල මිල අඩුවීම මෙයට හේතුවයි.

බේකරි නිෂ්පාදන සදහා අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ගණන් ද පසුගිය කාලය තුළ ඉහළ ගිය අතර ඊට සමගාමීව පාන්,  කේක් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ දැමුණු අතර, බිත්තර,  සීනි,  මාගරින් වැනි අමුද්‍රව්‍ය වල මිල අධික ලෙස ඉහළ යාම හමුවේ කේක් මිලද ඉහළ ගිය අතර මීට වසර තුනකට පමණ පෙර කේක් කිලෝවක් මිලදී ගත් මුදලෙන් මේ වනවිට මිලදී ගත හැක්කේ කේක් ග්‍රෑම් 250ක් වැනි සුලු ප්‍රමාණයකි.

මෙම අර්බුද හමුවේ පාරිභෝගිකයින්ගේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීම හමුවේ සියලුම බේකරි නිෂ්පාදනවල ඉල්ලුම ද පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...