*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කඩා වැටෙන ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය

පසුගිය මාස කිහිපය තුළ සිමෙන්ති සහ වානේ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල අහස උසට නැඟීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටී ඇති අතර, එහි දැවැන්ත ව්‍යාපෘති භාරගත් කොන්ත්‍රාත්කරුවන්ට 20% ක අමතර මුදලක් ගෙවීමට ද රජයට සිදු වී ඇත.

උග්‍ර වන විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වෙළඳපොලේ සිමෙන්ති නොමැතිකම සහ ආනයන සීමා කිරීම හේතුවෙන් කර්මාන්තය අඩාල වී ඇත.

සිමෙන්ති සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කඩා වැටීම හේතුවෙන් කම්කරුවන් ලක්ෂ 6කට වැඩි පිරිසකට ජීවනෝපාය අහිමි වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය (NCASL) අනාවරණය කර තිබේ.

NCASL හි සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසා සිටින්නේ: “සමාජයේ පහළම ආර්ථික ස්ථරයට අයත් කම්කරුවන් මිලියන 1.2 කට වැඩි පිරිසක් ඉදිකිරීම් කර්මාන්තයේ සේවය කරති. නමුත් අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය 50%කින් කඩා වැටීමත් සමඟ ඔවුන්ගෙන් ලක්ෂ 6කට වැඩි පිරිසකට ජීවනෝපාය මාර්ග අහිමි වී තිබෙනවා.”. ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්ගේ සහ කම්කරුවන්ගේ ඉදිකිරීම් කටයුතු ලබන සතිය වන විට ඇනහිටිනු ඇති බව පැවසූ ඔහු තවදුරටත් සඳහන් කළේ දැනට ඔවුන්ගේ වැඩවලින් සියයට 50ක් පමණ නතර වී ඇති බවයි.

“රුපියල් 288,000 ක් වූ වානේ ටොන් එකක් දැන් රු. 300,000 කි. කලින් ගෙවා ගත්ත වානේ පවා දැන් අලුත් මිලට ගන්න වෙලා. මීට අමතරව සිමෙන්ති මිල ජනවාරි මාසයේදී රු. 100 ක් පෙබරවාරි මාසයේ දී රු. 125, මේ මාසේ දී රු. 350ක් වශයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රු. 1,900 කි. මේ විදියට අමුද්‍රව්‍ය මිල ඉහළ යද්දී අපි කොහොමද ඒවා මිල දී ගන්නේ?” ඔහු පවසා සිටියේය.

රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති අවස්ථාවක ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටීමට ප්‍රධාන හේතුව අදාළ බලධාරීන්ගේ කළමනාකරණයේ අඩුව බව ලියනආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සමස්ථ ලංකා පෙදරේරු සංගමයේ සභාපති නුවන් සුමේද මහතා සඳහන් කළේ, මේ වන විට සිමෙන්ති මිල අනෙකුත් ද්‍රව්‍යවල මිල සමඟ දිනෙන් දින ඉහළ යන නිසා මේ වනවිට රට ක්ෂේත්‍රයේ දැඩි කඩාවැටීමකට මුහුණ පා සිටින බවයි.

තම ආයතනයේ කලින් සේවකයන් 15-20ක් පමණ සේවය කළ නමුත් මේ වනවිට පෙදරේරුවන් 5කටත් වඩා අඩු සංඛ්‍යාවක් සේවයේ යොදවා ඇති බවත් රට පුරා මෙයට සමාන තත්ත්වයන් අත්විඳින බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, මේ වනවිට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1900/- දක්වා ඉහළ ගොස් ඇති බවත්, වත්මන් වෙළෙඳපොළ මාෆියාවක් මෙන් ක්‍රියාත්මක වන බවත් ඔහු චෝදනා කළේය.

2021 දෙසැම්බර් 6 ට පෙර මාස තුන තුළ රජය විසින් ප්‍රදානය කරන ලද ව්‍යාපෘති, 20% ක මිල ඉහළ යාම​ක් හෝ ද්‍රව්‍යවල මිල වෙනස්වීම් මත වන්දි ලබා ගැනීමට සුදුසුකම් ලබයි. ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව, මුදල් අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ වෙත ලිපියක් මාර්ගයෙ​න් මිල ගැලපීම් හේතුවෙන් වන්දි ලබා දෙන ලෙස උපදෙස් ලබා දී ඇත. කෙසේ වෙතත්, සහනය පිළිබඳ නොසතුට පළ කරන කර්මාන්ත ආරංචි මාර්ග කියා සිටියේ සහනය ප්‍රමාද වැඩි බව ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan