*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ජනපතිගේ කතාවේ ධනාත්මක පැත්තක් විපක්ෂය පෙන්වයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතීමේදී කළ ප්‍රකාශය ධනාත්මක එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

“ජනාධිපතිතුමාගේ කතාවේ ධනාත්මක දෙයක් කියන්න ඕනෙ. එතුමා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡාවක් තිබුණා, මූල්‍ය ප්‍රශ්නය ගැන ඒකෙදි සාකච්ඡා වුණා, විශේෂයෙන්ම ජාත්‍යන්තර බැඳුම්කර ගැන සාකච්ඡා කළා කියලා. මම හිතනවා ඒක ගෙවීම් පිළිබඳව, ඒවා දීර්ඝ කිරීම පිළිබඳව එතුමා සඳහන් කරන්න ඇති. මං හිතන්නෙ ජනාධිපතිතුමා ඒක කළා නම් හුඟාක් හොඳයි. මොකද, දිගින් දිගටම මේ රජය කිව්වෙ ඒවා කරන්නෙ නැහැයි කියලා. මහබැංකුවත් ඉදිරියට ඇවිල්ලා කිව්වා ඒක කරන්නෙ නැහැයි කියලා. ඉතින් ඒ හින්දා ඇත්තටම මට ඒක හරියට තේරුණා නම්, එහෙම කරලා තියෙනවා නම් ඒක ධනාත්මක දෙයක් හැටියට ගන්නවා”

එරාන් වික්‍රමරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (16) නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමිනි.

කෙසේවෙතත් මෙම අර්බුදය තමන් විසින් ඇති කළ එකක් නොවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිගත නොහැකි බවත් වික්‍රමරත්න මහතා එහිදී සඳහන් කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan