කොළඹ වරාය ආසන්න මුහුදේ සතියකට වැඩි කාලයක් තිස්සේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකා දෙකට ගෙවීම් සිදුකර අවසන් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ඒ අනුව අදාල නෞකාවල ගබඩා කර ඇති ගෑස් තොග කඩිනමින් ගොඩබෑම සිදු කරනු ඇත.
අද දිනය තුළ ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කරන බවයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ.
ගෙවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය ඩොලර් නිකුත් නොකිරීම හේතුවෙන් අදාල නෞකා දෙක දින 11 ක් තිස්සේ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා තිබිණි.
ලිට්රෝ සමාගම ඊයේ ප්‍රකාශ කළේ තමන් සතුව තිබූ ගෑස් තොග අවසන්ව ඇති බවයි. මේ නිසා ගෑස් පිරවීමේ සහ බොදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවීමට සිදුව ඇති බව එම සමාගම ප්‍රකාශ කර තිබිණි.
UN