*
Wednesday, June 19, 2024
spot_img

Latest Posts

සමෘද්ධි සවිබලගැන්වීම් – දිළිඳුකමෙන් මිදෙන්න ජනතාවටත් වුවමනාවක් නැතිද ?

2021 වර්ෂයේ අය වැය යෝජනා අනුව පවුල් 200,000ක් කේන්ද්‍ර කරගෙන සම්පූර්ණ ගෘහ නේවාසික ආර්ථිකයක් හා ආශ්‍රිත කර්මාන්ත බලසම්පන්න කිරීමේ වැඩ සටහන මෙන්ම තරුණ කාන්තා ව්‍යවසායකයන් 25,000ක් ඉලක්ක කොට ගෙන ගෘහස්ත අළෙවිසැල් ස්ථාපිත කිරීමේ වැඩසටහන ඉදිරිපත් කර ඇති අතර සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය මඟින් මෙය අධීක්ෂණය කෙරේ. මේ පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, ධීවර හා ජලජ සංවර්ධන දෙපාර්තමේන්තුව, සත්ව නිර්ෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාර්ය, අපනයන සංවර්ධන මණ්ඩලයෙන්හි අධ්‍යක්ෂක ජනරාල්වරුන්ට මෙන්ම පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරීය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ජාතික ශිල්ප සභාව, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, විදාතා මධ්‍යස්ථානය, ලක්සල ආයතනය ,තල් සංවර්ධන මණ්ඩලය ආදී අයතනයන්ගේ සභාපතිවරුන්ට මෙන් ම කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙහි සාමාන්‍යාධිකාරී මෙන්ම කුඩා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි අධ්‍යන්ෂක යන නිලධාරීන් ලිඛිතව දැනුවත් කර හඳුනා ගන්නා ලද පවුලක අවශ්‍යතාවය මත අදාළ අමාත්‍යංශයේ ආයතනයේ මෙන් ම දෙපාර්තමේන්තුවේ නිලධාරී සහයොගය ,අවශ්‍ය දැනුවත් කිරීම්, පුහුණුව හා මඟ පෙන්වීම ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම අපේක්ෂා කරන ලදි.

නමුත් වැඩසටහන බිම් මට්ටම තුළ ක්‍රියාත්මක කිරීමේදී සීමිත ප්‍රතිපාදන මඟින් හැකි උපරිම ප්‍රතිලාභී පිරිසක් ආර්ථීක වශයෙන් සවිබල ගැන්වෙන ආදායම් උත්පාදන කාර්යට යොමු කිරීමේදී කෘෂී කර්ම, සත්ව පාලන, ධීවර,කර්මාන්ත, වෘත්තීය පුහුණු හා අලෙවි ක්ෂේත්‍ර කෙරේ වැඩි අවධානයක් යොමු කරනු ලැබීය. 2021 වන විට එලෙස ව්‍යාපෘති ගැන්වීමට තෝරා ගන්නා ලද පවුල් සංඛ්‍යාව 180,046 කි.

මෙමගින් අපේක්ෂා කරනු ලැබුවේ හඳුනා ගන්නා ලද පවුල් දැනුවත් කර ඔවුනට අවශ්‍ය පුහුණුව හෝ භාණ්ඩ ලබා දී ආර්ථීක වශයෙන් යම් ස්ථාවර මට්ටමක් ලබා ගත් විට ඔවුනගේ කැමැත්තෙන්ම රන්පත් ලබා දීම හෙවත් සමෘද්ධි සහනාධාරය රු.420 දක්වා සීමා කිරීම අපේක්ෂා කරන බව කියැවේ.

මෙය බිම් මට්ටම තුළ ක්‍රියාත්මක වීමේදී දක්නට ලැබුණු ගැටලු රාශියකි. ධීවර ක්ෂේත්‍රය යටතේ ලියාපදිංචි වූ පුද්ගලයන්ට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිලාභ දිස්ත්‍රික් කාර්යාලයන්ට ලබා නොදී එය ජලජ සම්පත් අධිකාරියට ලබා දෙන ලද අතර ඒ අනුව වැඩසටහනක් වශයෙන් දිස්ත්‍රික් මට්ටමෙන් එය ක්‍රියාත්මක නොවිණි.

කෘෂී කර්ම, සත්ව පාලන,කර්මාන්ත ක්ෂේත්‍ර යටතේ සවිබල ගන්වන ලද පවුල් වෙනුවෙන් දිස්ත්‍රික් සමෘද්ධි අංශය මඟින් ලබා දෙන ලද සතුන් හා විවිධ පැල උපකරණ වෙනුවෙන් මේ වන විටත් මූල්‍ය ප්‍රතිපාදන ලබා දී නොමැත. එ බැවින් වැඩ සටහන ක්‍රියාත්මක වීමේ ගැටලු රාශියකි.

සමෘද්ධි සහනාධාර ලබා දීමේදී පවුලේ සාමාජික පිරිසේ ප්‍රමාණය පිළිබඳ සලකා බැලේ. එහිදී සාමාජිකයන් 4 දෙනෙකුට වැඩි පවුල් වෙනුවෙන් රු 4500 මුදලක්ද තිදෙනෙකුට වැඩි පවුල් වෙනුවෙන් 3200 ක මුදලක් ද අවම වශයෙන් 1900 මුදලක් ද රජය විසින් මාස්පතා ලබා දෙනු ලැබෙයි.

පවුලක් සවිබල ගැන්වීමේ දී ලැබෙන ජනතාවගේ සහයෝගය නම් අවමය. නිලධාරීන්ට සිදුව ඇත්තේ බලහත්කාරයෙන් සවිබල ගැන්වීමටය. නව කර්මාන්තයක්, ව්‍යාපෘතියක් මඟින් ගොඩ නැගෙන්නට දිරියෙන් ශක්තියෙන් නැගී සිටීමට අවශ්‍යතාවය ඇත්තේ අතලොස්සකට පමණි. ස්වාධිනව නැගී සිටිනවාට වඩා රජයෙන් ලැබෙන සුළු මුදල ගෙන 225 ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ට පමණක් වරද පටවන්න අපේ මිනිසුන් බොහෝ කැමතිය. අනෙක් අතට එය වඩා පහසුය. දක්නට ලැබෙන්නේ දරිද්‍රතාවයෙන් විරැකියාවෙන් ගොඩ ඒමක් නොව එය වවාගෙන කෑමකි.

අවුරුදු 72ක් පුරාවට රට පත්ව ඇති අගාධය‌ට බලයට පත් විවිධ රජයන් මෙන්ම එහි සැලකිය යුතු බරක් මහජනතාව වෙත ද පැවරේ. කිසිදු දේශපාලන පක්ෂයක් මහජනතාව විවේචනය කරන්නේ නැත. ඔවුන් හැමදාමත් පවතින ආණ්ඩුවට බැන වදිමින් ජනතාව සමඟ සිටගෙන ඔවුන් නිවරැදි බව තහවුරු කරයි. මාරුවෙන් මාරුවට සිදු වන්නේ මෙයයි.

සමෘද්ධි බැංකු මඟින් ලබා දෙන උපරිම ණය මුදල ලක්ෂ 10කි. එය සමෘද්ධී පවුල් වෙනුවෙන් 8% ක පොළියකට යටත්ව රැඳවුම් කොටස් අඩුකර ලබා දෙයි. ඒකී අවස්ථා ලබා ගන්නේ සුළු පිරිසකි. බහුතරයක් දෙන දෙයක් ලබා වෙන දෙයක් බලා සිටියි.

කාන්තාව සවිබල ගැන්වීමේ තිරසර අරමුණෙන් ක්‍රියාත්මක කළ බව කියන් සමෘද්ධි සුව බොජුන් හල් මෙන්ම රූපලාවන්‍ය හා ගෘහ ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනයට සමස්ත ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවෙන් 60% රජය දරනු ලැබේ. 40% අදාළ සාමාජිකයා විසින් දැරිය යුතුය. එහෙත් වැඩසටහන් ක්‍රියාත්මක වීමේදී දක්නට ලැබෙන තත්වයන් වෙනස් ය.

මෙහිලා තවත් පැතිකඩක් තිබේ. මේ වන විට රජයේ ප්‍රතිපාදන ඇත්තේම නැත. ඒ අනුව ක්‍රියාත්මක වන වැඩසටහන්ද කොට උඩය. ජනතාවට කිසිදු විශ්වාසයක් ඇත්තේ ද නැත.

රජයෙන් ප්‍රතිපාදන ලබා දුන් විට මුදල් ප්‍රතිපූර්ණය කරීමේ බලාපොරොත්තුවෙන් තැනින් තැනින් යම් යම් උපකරණ, පැල , සත්ව පැටවුන් ආදිය ලබා ගත් නිලධාරීන් ද අදාළ මුදල් ගෙවීමට නොමැතිව පත්ව ඇත්තේ අන්ත අසරණ තත්වයකටය. ඇත්තම තත්වය මෙසේය.

ඒ අනුව‘දිළිඳුබව තුරන් කරමින් ජීවනෝපාය, ආර්ථික කටයුතු තුළින් සවිබල ගැන්වූ ප්‍රජාවක්’ ගොඩ නැගීමට ජීවනෝපාය සංවර්ධන හා ව්‍යවසාය වැඩසටහන් කෙතරම් හඳුන්වා දෙනු ලැබුව ද දරිද්‍රතාවයෙන් මිදීමේ අත්‍යාවත්‍ය අවශ්‍යතාවය ජනතාව සතුව තිබිය යුතුය. එසේම නව ව්‍යාපෘතීන් හඳුන්වා දෙනවා මෙන් ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ වගකීම ද රජය සතුය.

SM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan