මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීමේ පුවත ගැන ජනාධිපතිවරයාගෙනුත් නිවේදනයක්!

0
1001

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරල් මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස දැන්වා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය විශ්වාසය උපරිමයෙන් රැක තිබෙන අතර රට මුහුණ දී සිටින ආර්ථික අභියෝග ජයගැනීම වෙනුවෙන් තමන්ට විශාල සහයක් ලබා දෙමින් සිටින බවයි.

කෙසේවෙතත් මෙවැනි අසත්‍ය ප්‍රචාරවලින් අධෛර්යමත් නොවී රටේ ස්ථාවරත්වය හා සංවර්ධනය සඳහා ඔහුගේ කාර්යභාරය ඉදිරියටත් ඉටුකරගෙන යන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ.

රට මුහුණ දෙන බරපතල ආර්ථික අභියෝගවලට සාර්ථකව ප්‍රතිචාර දැක්වීමේ හැකියාව මහ බැංකු අධිපතිවරයා සතුවන බවද මෙහිදී ජනාධිපතිවරයා පවසයි.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here