රටේ විනාශයට උරදුන්න එකම නායකයා බවට ජනාධිපතිවරයා පත්වී හමාරයි – SJB(VIDEO)

0
342

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රාත්‍රියේ ජාතිය අමතා කළ කතාවේදී ජනතාව බලාපොරොත්තු වූයේ තමන්ගේ ආසාර්ථකභාවය පිළිගෙන ඉල්ලා අස් වෙන බව ප්‍රකාශයට පත්කිරීම විනා ඉතිරි ධූර කාලයේත් රැඳී සිටින බව ඇසීමට නොවන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (17) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තමන්ගේ අසමත්භාවය පිළිගෙන තවදුරටත් ජනාධිපතිවරයා ලෙස ඉදිරියට යා නොහැකි බවට පැවසුවේ නම් ඔහුට මීට වඩා ගෞරවයක් ලැබෙන්නට ඉඩ තිබුණු බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

කෙසේවෙතත් පවතින අර්බුද ගැන කතා කරමින් ඒවා නිර්මාණය කළේ තමන් නොවන බව පැවසුවද ඒවා නිර්මාණය කළේ තමන්ගේ සහෝදරයා ප්‍රමුඛ ආණ්ඩුව බව අමතක නොකරන ලෙස හෙතෙම කියා සිටියේය.

රට අර්බුදයට ගියේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීන්දු තීරණ නිසා වන බවත් දැන් එම අර්බුද ජනතාව පිට පැටවීමට උත්සහ දරන්නේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන දැනුම පිළිබඳ වෙනත් පරීක්ෂණයක් කිරීමට සිදුවන බවයි මන්ත්‍රීවරයා තවදුරටත් සඳහන් කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here