නයිජල් ගේ මතක සිටින සමුගැන්ම

සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 17, (LNW)කොළඹ

ඔහුගේ ළමා කාලය ගෙවෙන්නේ මුරුසියේ සහ දකුණු අප්‍රිකාවේය.ඉනික්බිති ඔහු ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ සිසුවෙකු වන්නේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය තුළය.ඔහු රග්බි ක්‍රීඩා සමාජ දිවිය ආරම්භ කරන්නේ එවකට ක්‍රීඩා අමාත්‍ය ධූරය දැරූ මහින්දානන්ද අලුත්ගමගේ විසින් දායකත්වය දුන් අප් කන්ට්‍රි ලයන්ස් කණ්ඩායමෙන්ය.පසුව මහනුවර කණ්ඩායමට එක්වීමට පෙර ඔහු සීආර්අන්ඩ් එෆ්සී කණ්ඩායමට ද ක්‍රීඩා කළේය.


නමින් නයිජල් රත්වත්තේ වූ ඔහු වඩාත් කැපී පෙණුනේ මහනුවර කණ්ඩායමට එක් වූ පසුවය.ඔහු 2021-2022 තරග වාරයේ මහනුවර නායකයාද විය.දශකයකට අධික කාලයක් මහනුවරට මෙන්ම ජාතික රගර් කණ්ඩායමට ද සම්බන්ධව සිටි නයිජල්,මෙවර රගර් වාරයේදී ද,සිය සූරත්වය පෙන් වූ මහනුවර කණ්ඩායමට ජය ටැඹ කරා යන්නට අත්වැලක් වෙමින් ක්‍රීඩා කර රග්බි ක්‍රීඩාවට සමු දුන්නේය.


ඔහු සමුගත් තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජය හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 50 – 24 ක ජයක් ලැබීය.ලකුණු 45 සිට මහනුවර ලකුණු පූවරුව 50 දක්වා ඔසවන්නට අවශ්‍යය උත්සාහක දිණුම වාර්තා වුණේ අංක 10 ජර්සියෙන් තරග වැදි නයිජල් රත්වත්තගෙන්ය.මේ ඡායාරූප කිහිපයෙන් දැක්වෙන්නේ ඔහු එම උත්සාහක දිණුමට සැරසෙමින් එය ලබා ගත් අයුරුය.අවසාන මොහොතේ සිය කණ්ඩායමේ ජයග්‍රහණය සනාත කරන උත්සාහක දිණුමද සමඟ අමතක නොවන සමුගැන්මක නිරත වූ නයිජල් ට අපි සුබ පතමු!

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...