දැන් පාර්ලිමේන්තුව පැලවත්තේ මෑන් පවර් කොම්පැනියක් වගේ – SJB මද්දුම බණ්ඩාර

Date:

කොළඹ LNW:බටලන්ද හෝ වඳුරු කතාවලින් ජනතාවට වැඩක් නැති අතර ජනතාවට අවශ්‍ය වන්නේ ජීවත් වීමේ පරිසරයක් ඇති කිරීම, බඩු මිල අඩුකිරීම,ජීවන වියදම අඩු කිරීම, රටේ සංවර්ධනය වැනි කාරණා වුවද ආණ්ඩුව ඒ කිසිදෙයක් ගැන නොබලා අද වන විට කතා පෙට්ටියක් වී ඇති බව සමඟි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

පාර්ලිමේන්තුවේත් ඇත උස්සන මන්ත්‍රීවරු ටිකක් සිටින බවත් එය හරියට දැන් පැලවත්තේ මෑන් පවර් කොම්පැනියක් වැනි යැයි මහලේකම්වරයා සඳහන් කරයි.

රටේ මෙන්ම පාර්ලිමේන්තුවේ සිස්ටම් එක වෙනස් කිරීමට පැමිණි ඔවුන් දැන් පැරණි ක්‍රමයට අනුගත වී සිටින බවයි ඔහු තවදුරටත් පවසන්නේ.

මේ වන විට JVP සහ NPP කළ රැවටිල්ල ජනතාව තේරුම අරන් සිටින අතර පළාත් පාලන මැතිවරණයේදී සමඟි ජන බලවේගයට රට පුර විශාල බලයක් ලැබෙන බවද රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...

හොරණ වෙඩිතැබීමක්. පුද්ගලයකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල හොරණ අක්කර 12, සිරිල්ටන් වත්ත ප්‍රදේශයේදී...