ට්‍රම්ප් පරිපාලනය Voice of America ගැනත් තීරණයක් ගනී!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එළැඹෙන මාර්තු 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි , ට්‍රම්ප් පරිපාලනය වොයිස් ඔෆ් ඇමරිකා මාධ්‍ය ආයතනයේ සේවකයන් සමූහ වශයෙන් ඉවත් කිරීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් කිරීම පිළිබඳව දැනුම් දෙමින් විද්‍යුත් තැපෑල් පණිවුඩ යවා ඇති බව වාර්තා වේ.

මෙම මාධ්‍ය ජාලයේ සියලුම වැඩ කටයුතු වහාම නතර කළ යුතු බවත් කාර්යාකල ගොඩනැගිලි හෝ පද්ධතිවලට ප්‍රවේශ වීමට අවසර නොමැති බවත් ඔවුන් වෙත යොමු කළ එම පණිවුඩ වල සඳහන්වේ.

රජයේ අරමුදල් යොදවා ක්‍රියාත්මක වන මෙම මාධ්‍ය ජාලයේ සියලුම සේවකයින්ට අනිවාර්ය නිවාඩු ලබා දෙන විධායක නියෝගයක් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමෙන් පසුව මෙය ආරම්භ කර ඇත.

එරට මාධ්‍ය සඳහන් කළේ, පසුගිය මාසයේ දී, ට්‍රම්ප් පරිපාලනය, මෙක්සිකෝ බොක්ක සඳහා “ඇමරිකානු බොක්ක” යන නම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ආයතනයට ද ට්‍රම්ප් රජයේ විවේචන එල්ල වී ඇති බවයි . ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ ද වොයිස් ඔෆ් ඇමරිකා මාධ්‍ය ජාලයට ට්‍රම්ප් විරුද්ධවාදීන් වෙනුවෙන් පක්ෂගරාහින් වීම පිළිබඳ චෝදනා එල්ල වුණ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...