නිශ්මං රණසිංහ ,මාර්තු 17, කොළඹ LNW:
මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවත්වෙන 74 වන මහා රන් සටන වෙනුවෙන් පානදුර සුමංගල විද්‍යාලය සහ මොරටු මහා විද්‍යාලය තරග වැඳීමට නියමිතයිඒ මාර්තු 19,20 සහ 21 යන තෙදින තුළයි..මේ 74 වැනි අවස්ථාව දක්වා පැවති තරගවලදී වැඩිම මහා තරග සංඛ්‍යාවක් ජය ගැනීමට සමත්ව ඇත්තේ ශ්‍රී සුමංගල විද්‍යාලය වන අතර එය අට වතාවකි.පසුව එක් වී ඇති එක්දින තරග ඉතිහාසය ගත්තද සුමංගලය ඉදිරියෙන් සිටින බව පෙනෙන අතර ඔවුන් තරග 17 ක ජයග්‍රහණය ලබා ගෙන ඇත.

දින තුනක් පැවත්වෙන මහා තරග කිහිපය යටතට වැටෙන මෙම රන් සටනේ දී මෙවර සුමංගලයට නායකත්වය දෙන්නේ මෙවිඳු කුමාරසිරි ය.මොරටුව මහා විද්‍යාලයේ නායකත්වය විහඟ නෙත්සර ය
මේ සමඟ මෙවර තරගාවලිය නියෝජනය කරන කණ්ඩායම් නාම ලේඛණය සහ කණ්ඩායම් ඡායාරූප දක්වා ඇත.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාල කණ්ඩායම
විසල් හංසිත,පන්සිළු සිල්වා,සිහස් නෙත්දිනු,උමන්ත ආකාශ්,මෙතුම් ප්‍රනාන්දු,සහස්සන ඉමේෂ්,සජීක රාජ්,රිවිත් රන්ලක

2 වන පේළිය = ලෙලුම් වීරසිංහ,බිහංග සිල්වා,සාදික දම්යුරු,විදුර බාසුර,සන්දීප් විජේරත්න,දිනූෂා ප්‍රනාන්දු ,සදෙව් හෙට්ටිආරච්චි
අසුන්ගෙන සිටින පේළිය = ජනුදික ශ්‍රියපාල, (ප්‍රධාන පුහුණුකරු) ,නේක්ෂා ඉද්දමල්ගොඩ (උප නායක), රවීන්ද්‍ර පුෂ්පකුමාර (විදුහල්පති), මෙවිඳු කුමාරසිරි (මයික්) (නායක),මංජුල ගජනායක,(සහාය පුහුණුකරු)දනුජ පෙරේරා
මොරටු මහා විද්‍යාලය
චේනුර අමරසිංහ,විසල් සිරිවර්ධන,රන්මිත් අප්පුහාමි,සවිඳු ප්‍රනාන්දු,මේනුක කොතලාවල,නිපුන් කරුණාරත්න,සසිඳු පීරිස්,සවිඳු පෙරේරා,ඕෂද ජයවික්‍රම, සත්සර මිහිරංග, නිමේෂ් ප්‍රනාන්දු, දිනරු ප්‍රනාන්දු,
වමේ සිට දකුණට වාඩි වී ඇත
මලින්ද ගෝමස් (සහකාර පුහුණුකරු), හේෂානි පීරිස් (MIC), සිතුම් සිල්වා, විහංග නෙත්සර (නායක) ෂර්මිලා වත්තලගෙදර (විදුහල්පති), සංජන සෙනවිරත්න (උප නායක), සඳුන් සුවාරිස්, අසංක පෙරේරා (ප්‍රධාන පුහුණුකරු)



