බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක් !

Date:

මාර්තු 15 වනදා මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.

ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්.

ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු (educated guess) පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.

යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.

රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...