*
Friday, September 20, 2024
spot_img

Latest Posts

Snapchatටත් AI Chatbot එකක්

මේ වන විට ලොව පුරා වඩා ජනප්‍රියතාවයට පවතී තිබෙන යෙදවුමක් ලෙස ChatGPT හැඳින්විය හැකි අතර එම නිසාවෙන්ම මේ වන විට ලොව අවම කාලයක් තුළ වැඩිම පරිශීලකයන් ප්‍රමාණයක් පරිශීලනය කරනු ලැබූ යෙදවුම බවට ද පත්වී හමාරය. OpenAI සමාගම විසින් නිර්මාණය කරන ලද ChatGPT යෙදවුම ආශ්‍රය කරගනිමින් ලොව විවිධ සමාගම් එයට සමාන වූත් විවිධ සේවාවන් සැපයීම සඳහා තරඟකාරී වාතාවරණයක් ඔස්සේ විවිධාකාරයේ වූ යෙදවුම් තම පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරමින් පවතී.

එලෙස ගන්නා එක් උත්සාහයක් වශයෙන් පසුගියදා Snapchat විසින් ඔවුන්ගේම AI Chatbot එකක් නිකුත්කරන ලදී. මෙම යෙදවුම සඳහා ChatGPT මූලික කරගන්නා අතරම මෙය “My AI” යනුවෙන් නම් කිරීම ද සිදුවිය.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් එම සමාගමේ විධායක නිලධාරියෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙම පහසුකම ලබාගැනීමට අවස්ථාව ඇත්තේ Snapchat Plus Subscribers සඳහා පමණක් වන බවත් ඒ සඳහා එක් මසකට ඩොලර් 3.99 ගෙවීමට සිදුවන බවත් ය. Snapchat යෙදවුමෙහි Chat tab එකෙහි ඉහළින්ම නිරීක්ෂණය කළ හැකි මෙම පහසුකම මගින් තම පරිශීලකයන් මිලියන 750ම මෙම සේවාව ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවට එම සමාගම සඳහන් කර තිබේ.

My AI පිළිබඳව සඳහන් කරන විට එය ChatGPT හි පවතින ක්‍රියාවලීන් අනුගමනය කරනු ලබන අතරම දුරකථන සඳහා වඩා ගැලපෙන පරිදි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. මෙය ඉතාමත් ආකර්ශනීය පහසුකමක් වුවද ChatGPT වෙතින් වෙනස් වන කරුණ වන්නේ මෙහි ලබාගත හැකිවන තොරතුරු ප්‍රමාණය සීමා කර පැවතීමයි. My AI මගින් ප්‍රචණ්ඩත්වය, ලිංගික අසභ්‍ය අන්තර්ගතයන් සහිත තොරතුරු, දේශපාලන තොරතුරු ලබාගැනීම වළක්වා ඇත.

ChatGPT මගින් පරිශීලකයන් වෙත තොරතුරු සැපයූවද එම සපයන තොරතුරු සලකන විට එහි නිරවද්‍යතාවය පිළිබඳව 100% ක වගකීමක් ලබාගැනීමේ අපහසුතාවය පවතී. එමනිසා මෙයට පරිභාහිරව AI මගින් සකස් කරන ලද තොරතුරු හඳුනාගැනීමට පවා හැකිවන යෙදවුම් නිර්මාණය කිරීම ආරම්භ වී ඇති අතර My AI මගින් එවැනි අසත්‍ය සහ නිරවද්‍යතාවයෙන් අඩු තොරතුරු පරිශීලකයන් වෙත සැපයීම අවම කිරීම සඳහා ක්‍රියා කරනු ලබන බවට වැඩිදුරටත් එම සමාගම සඳහන් කරනු ලබයි.

Source: newsroom.snap.com

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan