රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ අත්අඩංගුවට

Date:

මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි රවිඳු සංඛ ද සිල්වා නොහොත් ‘බූරු මූණා’ ව අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවය.

සැකකරුට අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණු අතර බස්නාහිර පළාත් දකුණ දිසාව විසින් සිදුකළ කරුණු දැක්වීමෙන් අනතුරුව අවිස්සාවේල්ල මහාධිකරණය විසින් එම තහනම පැනවීය. අවිස්සාවේල්ල අධිකරණ සංකීරණය අසල මාර්ගයේ මෝටර් රථයක් තුළ රැඳීසිටියදී අද දහවල් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල ප්‍රදේශයේ ආපන ශාලාවක හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබේ.පසුගිය 24 වනදා සැකකරු විදේශගතවීමට උත්සාහ ගැනීමේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිස් භාරයට පත්කර තිබියදී සැකකරු සූක්ෂම ලෙස හිමිවරුන් දෙදෙනෙකුගේ උපකාරය ඇතිව ඉන් පළාගොස් තිබුණි.

බූරු මූණා නැමැත්තා මනුෂ්‍ය ඝාතන රැසක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බවට ද වාර්තා වෙයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...