ජාතික ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ජාතික ජන බලවේගය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17) පෙත්සමක් ගොනුකර ඇත්තේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමිනි.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර ඇත.පෙත්සම්කරු කියා සිටින්නේ යෝජිත “මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතේ” අන්තර්ගත ඇතැම් විධිවිධාන වලින් එම බැංකුවේ ස්වාධීනභාවයට බරපතල අනතුරක් සිදුවන බවය.

පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ මෙම සංශෝධිත පනත් කෙටුම්පත හරහා විෂයභාර අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු සඳහා මැදිහත් වීමට අවකාශ සැලසෙන බවත් මහ බැංකුව පාර්ලිමේන්තුවේ පාලනයෙන් මිදෙනු ඇති බවත්ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...