*
Wednesday, May 8, 2024
spot_img

Latest Posts

නවීන්ට කතාව නොලැබීමේ රහස – දේශීය ව්‍යාපාර ඝාතනයක් – මහමැතිවරණකට ලොකු සූදානමක් – ශ්‍රීලනිප තනිවම තරඟ බිමට – සන්ධාන පැටව් ගහයි – ධම්මිකගේ ආදර්ශ ගම්මාන

  • නවීන්ට කතාව නොලැබීමේ රහස
  • දේශීය ව්‍යාපාර ඝාතනයක්
  • මහමැතිවරණකට ලොකු සූදානමක්
  • ශ්‍රීලනිප තනිවම තරඟ බිමට
  • සන්ධාන පැටවූ ගහයි
  • ධම්මිකගේ ආදර්ශ ගම්මාන

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): කුමන මැතිවරණයක් පැවැත්වේවි දැයි කිසිවෙකුටත් සිතාගත නොහැකි තරමට මේ වන විට දේශපාලන කරලිය උණුසුම්ය.

ජනාධිපතිවරණය ද – මහා මැතිවරණය ද යන්න බොහෝ දෙනෙකුට තීරණාත්මක ය. මහා මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වීම තුළ බොහෝ දෙනෙකුගේ ජනපති සිහින සුන්වී යාම පමණක් නොව රටේ දේශපාලනය පවා උඩුයටිකුරු වන්නට ඉඩ තිබේ. කෙසේ වෙතත් මේ සියල්ල යට, සැගවුණු බලාපොරොත්තු රහස් හා දේශපාලන ගනුදෙනු බොහොමයක් තිබේ. එහෙත් මේ මොහොතේ කුමක් කළයුතුදැයි කිසිවෙකුට හරිහැටි කීමට නොහැකි තරමට තත්වය ව්‍යාකූලය. ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝදුරට ඉඩ ඇත්තේ 2024 ඔක්තෝබර් 5 වැනිදා ය. අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා ජුනි මාසයේ මහා මැතිවරණයක් පවත්වන බවක් ද දේශපාලන ලොව තුළ කියවෙන මාතෘකාවකි. මහා මැතිවරණ දින වකවානු ඇතැම්විට වෙනස් වන්නට ඉඩ තිබේ.

මේ අතර ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය නම් මන්ත්‍රීවරුන් එකසිය දහතුන් දෙනෙකුගේ අත්සන් ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණය පැවැත්වීම සුදුසු යැයි යෝජනාකළ දේශපාලනඥයන් පිරිසක් වෙත ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.

බැසිල් මහා මැතිවරණයකට

ජනාධිපතිවරණට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.එසේ නොවුනහොත් මහජන මතය නිවැරදි ආකාරයෙන් පිළිබිඹු නොවන බව ද හෙතෙම පෙන්වා දෙයි.
මහජන මතය නිවැරදිව පෙන්වන පාර්ලිමේන්තුවක් බිහිවෙනවා දැකීමට තමන් කැමැති බව ද හෙතෙම සඳහන් කරයි. මේ අතර බැසිල් රාජපක්ෂ හා මෙරට ඉන්දීය තානාපතිවරයා අතර ද රටේ වර්තමාන දේශපාලන තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවති බව සඳහන්ය.

නාමල්ගේ අදහස

‘ඕනෑම පක්ෂයක් ඇතුලෙ ඡන්දයට කැමති හා අකමැති පිරිස් ඉන්නවා ,ඒත් අවසාන තීරණය පක්ෂය ගන්න තීරණය පමණයි’ යයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබේ.

‘ඡන්ද පැවැත්වීමට අකමැති වීම අද ඊයේ සිද්ධ උන දෙයක් නෙවෙයි ,හැත්තෑ පහේ තියන්න ඕනෙ ඡන්දය හැත්තෑහත දක්වා කල් දැමුවා. ඒ වගේම අවුරුදු දාහතක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය අතීතයේ ඡන්ද කල් දැමුවා.

යහපාලන ආණ්ඩුව පලාත්සභා විසුරුවා හැරියා අද වෙනතුරු ඡන්ද නෑ. දැන් පලාත්පාලන ඡන්දෙ නෑ. ඉතින් එහෙමයි කියලා ඡන්ද පැවැත්වීම නොකර ඉන්න බෑ.. මම කියන්නෙ මහ මැතිවරණයක් තිබ්බොත් සැබෑ ජනමතය බලා ගන්න පුළුවන් කියලා.
පක්ෂය ඇතුලෙ පෞද්ගලික මත තියෙන්න පුළුවන් මැතිවරණ එපා කියන්න පුළුවන් හැබැයි ඒවා පෞද්ගලික මත විතරයි.පක්ෂය තීරණය කළොත් මොකක්ද තියන්න ඕනෙ මැතිවරණය කියලා, ඊට හැම දෙනාම සහයෝගය දිය යුතුයි.’

කථානායක විශ්වාසභංගය අතරේ පිල්මාරු

පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති කථානායක මහින්ද යාපා අබේවර්ධන ට එරෙහි විශ්වාස භංගයට අදාළ ඡන්ද විමසීම දා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිල් මාරු කීපයක් සිදුවුණු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. අදාළ විශ්වාසභංග යෝජනාව එළඹෙන 19 හා 20 දිනවල විවාදයට ගෙන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මේ වන විටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙමින් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.ආණ්ඩුවේ හා විපක්ෂයේ ඉදිරි පෙළ දේශපාලඥයන් සිව් දෙනෙකුගේ නිවාසවල මේ සම්බන්ධ වන සාකච්ඡා පැවැත්වී ඇති බව ද වාර්තා වෙයි.

ඡන්ද විමසීමේ දී විරුද්ධ පාර්ශ්වයෙන් තම පාර්ශවයට මන්ත්‍රීවරුන් එක්කර ගැනීම ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද ඉලක්කය වී ඇත.මේ අතර මෙම ඡන්ද විමසීමේ දී මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම ඡන්දය දීමෙන් වැලකී සිටීමට ද තීරණය කර ඇත. ආණ්ඩුවේ කොටසක් විපක්ෂයේ අසුන් ගැනීම මේ විවාදය අතර තුර සිදුවුවහොත් ඇතැම්විට මීළඟ මහා මැතිවරණය පවා ඒ අනුව තීරණය වනු ඇත.

දේශීය නිෂ්පාදන මරාදමන ආණ්ඩුවේ තීරණය

දේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන වලට ප්‍රමුඛතාවය දීමේ මෙතෙක් පැවති වැඩපිළිවෙල මුදල් අමාත්‍යංශයේ යෝජනාවකට අනුව කැබිනට් මණ්ඩලය මගින් අත්හිටුවා තිබේ. එසේම රාජ්‍ය ආයතන සඳහා ප්‍රමුඛතාවය ලබාදීම ද අත්හිටුවා තිබේ. ලොව සියලු රටවල් තම දේශීය නිෂ්පාදන ශක්තිමත් කරද්දී අපේ රටේ නිලධාරීන් ගන්නා මෙවන් තීරණ සිතාගත නොහැක.

රටේ ජනතාවගේ රැකියා රැකී තිබෙන්නේ දේශීය ව්‍යවසායකයන් මතය. එසේ තිබිය දී විදෙස් නිෂ්පාදන වලට මුල්තැන දෙන්නට ගන්නා මෙවන් තීරණ පසුපස ඇත්තේ මහා පරිමාන කොමිස් ගනුදෙනු මිස වෙනකක් නොවේ. දේශීය ව්‍යාපාරිකයන් දිරි ගන්වන්නට සහන දීම වෙනුවට දැනට ඉතිරිව ඇති දේශීය ව්‍යාපාර සුළු ප්‍රමාණයත් වැසීයාම මේ තීරණ නිසා සිදුවනු ඇත. ආණ්ඩුව ගන්නා මෙවන් අදුරදර්ශී තීරණ වලට වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාවය.

කුලියාපිටියේදී නවීන්ට කතාවක් නොදුන්නේ ජනපති තීරණයකින්

අකිල විරාජ් කාරියවසම් සංවිධානයකළ කුලියාපිටියේ එක්සත් ජාතික පක්ෂ ප්‍රථම රැස්වීමේ දී නවීන් දිසානායකට කතාවක් ලබා නොදීමේ සිද්ධියට නවීන් විරෝධය පල කර තිබිණි. කුලියාපිටියේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනරැළියේ කථික ලැයිස්තුවෙන් තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක අප්‍රසාදය පළ කරමින් තම එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුනේ තමන් එම රැලියට සහභාගි නොවීම සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව අයදින බවයි.

තමන් එහි නොපැමිණියේ කථික ලැයිස්තුවෙන් තම නම කපා දැමීම නිසා යයි ද තමන් පක්ෂය සමග දිගටම රැඳී සිටින බව ද පවසන ඔහු නමුත් පුද්ගල ගෞරවයට කිසිම හේතුවක් නිසා හානි නොකළ යුතු නැති බව ද කියා තිබිණි.

එහෙත් සැබවින්ම එය සිදුව තිබුනේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තීරණයක් අනුවය.ජනාධිපතිවරයාගේ අදහස වුයේ නවීන් ආණ්ඩුකාර පදවියක් දරන බැවින් දේශපාලන වේදිකාවක කතා පැවැත්වීම එම ආණ්ඩුකාර පදවියට නොගැලපෙන බවය.
අකිල සංවිධානයකළ කුලියාපිටිය රැස්වීම විශාල ජන සහභාගිත්වයක් සහිතව සාර්ථකව පැවැත්විණි.

සජිත් සියලු ජාතීන් ආගම් එක්කරගෙන ඉදිරියට

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව දානය, ශීලය ආදී වූ දස රාජ ධර්මයන්ට අනුකූලව ගෞරවනීය අතිපූජ්‍ය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇසුරෙන් වඩාත් යහපත් රාජ්‍ය පාලන සමයක් ඇරඹීම තම අරමුණ බවත් බෞද්ධ සංස්කෘතීන් රැක ගෙන දැහැමි දිවිපෙවතක් ගෙවමින් අනෙක් ආගම් සහ සංස්කෘතීන්ට ද ගරු කරමින් රාජ්‍ය පාලනය සිදුකළ යුතු යැයි විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළුතර දී පැවසීය.

තම බලාපොරොත්තුව සෙසු සියලු ආගමික නායකයන් සමගද සහයෝගයෙන් කටයුතු කරන අතරම මාතෘ භූමිය නොබෙදුනු ස්වෛරී රාජ්‍යයක් ලෙස සුරක්ෂිත කිරීම බව ද, සමගි ජන බලවේගය සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය උදෙසා කැපවූ දේශපාලන බලවේගයක් බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ සාසනයට විශේෂ පිළිගැනීමක් ලබා දී ඇතත් එය කොතෙකුත් දුරට මහපොළොවේ යථාර්ථයක් වී ඇත් ද යන්න සිතා බැලිය යුතු බව ද ,සමගි ජන බලවේගය විහාරස්ථානය, දහම් පාසල හා පිරිවෙන් කේන්ද්‍ර කර වැවයි දාගැබයි ගමන් පන්සලයි සංකල්පය තුළ සමාජ, ආගමික සංවර්ධන, විනීත යුක්තිගරුක ශිෂ්ඨසම්පන්න, ප්‍රබුද්ධ හා සෞභාග්‍ය සම්පන්න පුරවැසි පරපුරක් බිහි කරමින් රටේ ප්‍රගතියේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස විහාරස්ථාන පද්ධතිය හා මහා සංඝරත්නය සුරක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

මෙරට පන්සල් පද්ධතිය වෙනුවෙන් විහාරස්ථ කැපකරු ක්‍රමයක් ආරම්භ කර මහා සංඝරත්නය දේශපාලනඥයන්ගේ අණසකට සවන් දී දේශපාලනඥයන්ගේ අනුග්‍රහය මත යැපුණු තත්ත්වයෙන් මුදවා ගන්නා බවත් කැපකරු ක්‍රමයක් හරහා විහාරස්ථාන පද්ධතියේ නිර්මලභාවය තවදුරටත් සුරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඒ තුළ විවිධ අර්බුද වලට මුහුණ දී ඇති විහාරස්ථාන පද්ධතිය ආරක්ෂා වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේය.

මැතිවරණවලට සූදානම් බව කිරිඇල්ල කියයි

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස ට 51-52%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට හැකියාව ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කරයි.

අනිවාර්යයෙන්ම අවම වශයෙන් එම සීමාව ලබා ගන්නා බවත් ඊට ද වඩා වැඩි විය හැකි බවත් හෙතෙම කියා සිටී.

මේ වන විටත් තම පක්ෂය මැතිවරණ සටන ආරම්භ කර ඇති බවත් පසුගිය වසර තුනක කාලයක් තිස්සේ මැතිවරණයකට පක්ෂය සූදානමින් සිටි බවද ඔහු පැවසීය.පසුගිය වසරේ පළාත් පාලන මැතිවරණයකට සූදානම් වූ නමුත් ආණ්ඩුව බිය වී එම මැතිවරණය කල් දෙමු බව ද හෙතෙම තව දුරටත් කියා සිටියේය.

ශ්‍රීලනිපය තනිවම ඉදිරි ගමනක

ශ්‍රීලංකා නිදහස් පක්ෂය තනිවම මැතිවරණ සඳහා තරග කිරීමේ සූදානමක් පවතී. පක්ෂය හැරගිය පිරිස් යලිත් මේවන විට පක්ෂයට එක්වෙමින් සිටිති. ලබන සතියේ සිට දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන කටයුතු දියත් කෙරෙන අතර පක්ෂය නව ජවයකින් ඉදිරියට ගෙනයාම සඳහා නව තීරණ රැසක් ගැනීමට නියමිතය. ආණ්ඩුවේ තනතුරු දරන ඇමැතිවරුන්ට ද මේ අනුව පක්ෂයේ දිගටම රැඳී සිටින්නේ ද නැතහොත් වෙනත් පාර්ශව සමග ඉදිරියට යන්නේ ද යන තීරණය ළඟදීම ගැනීමට සිදුවනු ඇත.

ධම්මිකගෙන් ආදර්ශ ගම්මාන දෙකක්

ධම්මික පෙරේරා තම රට හදන වැඩපිළිවෙලේ තවත් ඉදිරියට යමින් නව ආදර්ශ ගම්මාන දෙකක් මේ වන විට අවසන් කරමින් සිටී. ඒ අකුරණ සහ බිබිල යන ප්‍රදේශවලය. ඒ ශ්‍රී සද්ධානන් ද මහ පිරිවෙන අශ්‍රිතව පිහිටුවා ඇති අකුරණ අයී.ටී.කැම්පස් හා බිබිල ශ්‍රී රත්නපාල දහම්පාසල අශ්‍රිතව පිහිටි මැදගම බිබිල අයී.ටී.කැම්පස් යන ප්‍රදේශ වලය. මෙම ආදර්ශ ගම්මාන දෙක එළඹෙන සිංහල දෙමල අවුරුදු උත්සව සමයේ විවෘතවන අතර ඒ ආශ්‍රිතව සිංහල අවුරුදු උත්සව දෙකක් ද සංවිධානය කර තිබේ.

ධම්මික පෙරේරාගේ පොහොසත් ගමක් වැඩපිළිවෙල යටතේ ගමේ ගොවියන්ට අවශ්‍ය පොහොර, බීජ, කෘෂි දැනුම යනාදිය ලබාදීම සඳහා පරිගණකගත ස්මාර්ට් සිස්ටම් එකක් ලබාදීමට නියමිත ය. ගොවීන්ගේ අස්වනු විකිණීම සඳහාත් ඒ වගේම ස්මාර්ට් සිස්ටම් එකක් ලබාදීමට ද ඒ හරහා ගොවීන්ට තමන්ගේ බෝග වෙනුවෙන් අවම මිලක් සහ ප්‍රවාහන පද්ධතියක් ලබාදෙනු ඇත.එසේම ගොවීන්ගේ වගා හානි සඳහා වන්දි ගෙවීමටත් ඩිජිටල් ක්‍රමවේදයක් නිර්මාණය කෙරේ. මීට අමතරව එළවලු ගොවීන් සඳහා ඉදිරි දින 10 තුළ කාලගුණය ඉතාම නිවැරදිවම පෙන්වන ජංගම දුරකථන ඇප් එකක් (App) හදලා දෙන අතර එයින් අස්වනු හානිය සහ මිල වෙනස් වීම් අවම කරගත හැක.
වෙරළබඩ ගම්මානවල ධීවර කර්මාන්තය කරන අයට මුහුදේ මාළු අහින් සිටිනා තැන් පහසුවෙන් හඳුනාගැනීම සඳහා නවීන තාක්ෂණය ලබාදෙනවා. එයින් ඔවුන්ට තමන්ගේ ඉන්ධන වියදම 50%කින් අඩුකරගැනීමට හැකියාව ලැබේ.

මේ යටතේ ලංගම බස් රථ ධාවනය නොවන මාර්ගවල පාසල් සිසුන් සඳහා එම මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවනය වෙනවා නම් ඒ ප්‍රයිවට් බස් රථවල ගමන්කළ හැකි පරිදි වාර ප්‍රවේශ පත්‍ර (සීසන්) ලබාදෙන අතර කුඩා දරුවන් (ප්‍රාථමික පංති) පාසල්වලට රැගෙන යන මවට හෝ පියාටත් ඒ මිලටම සීසන් එකක් ලබා දෙනු ලැබේ.
බස් ධාවනය නොවන මාර්ගවල දුර ප්‍රමාණය කිලෝමීටර් 5ට අඩු නම් ගමේ මගීන් ප්‍රමාණය අනුව අට දෙනෙකුට ගමන්කළ හැකි ත්‍රීරෝද රථ (8 seater three-wheeler) එකක් හෝ දෙකක් යොදවන අතර දුර ප්‍රමාණය කිලෝමීටර් 5ට වැඩි නම් මිනි බස් රථයක් යොදවනු ලබයි. එසේම ලංගම බස් රථවල උදේ 10 – දවල් 11.30 අතරත් සවස 2.30 – 4 අතරත් කාන්තාවන් සඳහා බස්ගාස්තුව 50%කින් අඩුකරනු ඇත. සෑම ගමකම කුලී ත්‍රීරෝද රථ සඳහා නවතම ස්මාර්ට් ඇප් එකක් ලබාදෙන අතර ඒ අනුව ඔවුන්ට හයර් එකක් ලැබෙන තුරු පෝලිමේ රැඳී නොහිඳ තමන්ගේ ගෙදර ඉන්නට හෝ හෝ වෙනත් වැඩක් කරගන්නට හැකි පරිදි ක්‍රමවේදයක් සකස් කෙරේ.

එසේම වන අලින්ගෙන් කරදර ඇති ප්‍රදේශවල ගම්මාන සඳහා ගමට අලි වැටක් (විදුලි වැට) ලබාදෙනු ඇත.

පානීය ජලය හිඟ ගම්මාන සඳහා ගැඹුරු ළිං (Deep Well) ඉදිකර ගමට පානීය ජලය ලබාදීමට ද නියමිතය.

සන්ධානවල රහස

නව දේශපාලන සන්ධාන හතු පිපෙන්නා සේ බිහිවෙමින් තිබේ. ශ්‍රීලනිප සන්ධානය,ලන්සා සන්ධානය , එජාප සන්ධානය , ඩලස් සන්ධානය, නාමල්ගේ දස බල සේනා , චම්පිකගේ සන්ධානය අතරට අලුතින්ම එක්වන්නේ දයාසිරිගේ සන්ධානයයි. තනිව පක්ෂයකට එක්වනවාට වඩා සන්ධානයක් ලෙස එක්වූ විට පක්ෂයේ නීතිරීති වලට යටත්වන්නට සිදු නොවන අතර මන්ත්‍රීධුර සුරක්ෂිතය. එසේම ලැබෙන වරප්‍රසාද වැඩිය. මේ නිසා සන්ධානවලට බොහෝදෙනා කැමතිය.

දයාසිරිගේ සන්ධානය

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති තිහක දායකත්වයෙන් පිහිටුවන නව සංවිධානය මානුෂීය ජනතා සංධානය නමින් නම් කර තිබේ.

මානව හිමිකම් සිවිල් ක්‍රියාකාරී නීතිඥ සහ ආගමික සංවිධාන රැසක් මානුෂීය ජනතා සන්ධානයට සහාය පළ කරන බව ද එහි නායකයෝ පවසති. ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දීම සඳහා නව සන්ධානය ගොඩනගන අතර එහි ප්‍රතිපත්ති මාලාවට එකඟතාව පළ කරන දේශපාලන පක්ෂයකට ජනාධිපතිවරණයේදී සහාය පළ කිරීමට අපේක්ෂා කරන බව ද ඔවුහු සඳහන් කරති.යම් හෙයකින් එම ප්‍රතිපත්ති මාලාවට සහාය පළ කිරීමට යම් දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවුනහොත් දයාසිරි ජයසේකර ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර ජනාධිපතිවරණයට තරඟ වදින බව ද ඔවුහු කියති.

ලන්සාගේ සන්ධානයට වෘත්තීය සමිති රැසක සහයෝගය

නිමල් ලන්සාගේ නව සන්ධානයේ වෘත්තීය සමිති ව්‍යාපාරය දිනෙන් දින ශක්තිමත්වීම දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම විවිධ පක්ෂවල දේශපාලන මණ්ඩලවල පවා කතා බහට ලක්වන්නට පටන් ගෙන තිබේ.

මේ වන රටේ පිළිගත් වෘත්තීය සමිති 58ක් සහ විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන අනුබද්ධ සංවිධාන රාශියක් නව සන්ධානය සමග එක්ව තිබීම ද විශේෂත්වයකි.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan