*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

පාතාලයට රෙඩ් කාඩ් සංඥා දෙන රගර්වලට ට්‍රයි සංඥා දෙන ආගමන විගමන නීති

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 18, කොළඹ (LNW): අද වන විට ප්‍රධාන ප්‍රවෘත්තියක් වී ඇත්තේ පාතාල නායකයන්ට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වත්මන් සහ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙක් අත් අඩංගුවට ගැනීමය.එහෙත් එක්තරා පංතියකට මේ කාරණයේදී අඩුම තරමේ රාජ්‍ය මට්ටමෙන් පරීක්ෂණයක්වත් නොකර තව දුරටත් රටේ පමණක් නොව ලෝකයේ ද ඉහළ තනතුරුවට පත් විය හැකිය.ලංකාවේ නීතිය එබඳුය.


මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ කටයුතු කරන සමයේ සිය පවුල ජයග්‍රාහී පවුලක් ලෙස සෑම කේෂ්ත්‍රයකම පතල කිරීමට අවශ්‍යය විය.එය පවුලේ සාමාජිකයන්ගේ දේශපාලන බලාපොරොත්තු අතර ද ඉහළින් තිබිණි.මේ අවස්ථාවේ ජනපති පුත් නාමල්,රගර් නායකයා විය.ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්ය.එහෙත් ජයග්‍රාහී ඉලක්ක සපුරා ගන්නට තරම් බර කණ්ඩායමක් ඔවුන්ට නැති විය.ඒ බර සකසා දීමේ වගකීම දේශපාලන බැල මෙහෙවරක් විදිහට එවකට සභාපතිවරයා භාර ගත්තේය.ඉනික්බිති විදේශිය ක්‍රීඩකයින් ආයෝජනය කර ඔවුන් ලාංකික පුරවැසියන් ලෙස පෙන්වීමේ ගැටයක් ගසා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරවීය.එය නීත්‍යානුකූල නොවන බව පසුව ඔප්පු වූ පසු ජාත්‍යන්තර රග්බි සම්මේලනය පවුම් 50000 ක දඩයක් ගැසුවේය.අද ද එය ගෙවමින් පවතින්නේය.


ක්‍රීඩා අමාත්‍යංශය අද ද ඒ දෙස ඇසක් ඇර බලන්නේ නැත.ක්‍රිඩා ඇමතිවරයා අද ද හමුවන්නේ එම නිලධාරීන් ප්‍රභූ වේදිකාවලය.අඩුම තරමේ මේ වන විටත් ගෙවා ඉවර නැති,වරදක් ලෙස ජාත්‍යන්තර සම්මේලනය තීරණය කළ දෙයක් ඇති බව සොයා බැලීමටවත් ක්‍රීඩා සංගම් ගැන කටයුතු කරන ආයතන සහ නිලධාරීන් පියවර ගෙන නැත.එහි නරකම තත්ත්වය එවැන් වරදවල් සිඳු කළ පිරිස් මේ වන විට ශ්‍රී ලංකාව ද ඉක්මවා ගොස් ආසියාවේ ද ඉහළම තනතුරුවලට හේත්තු වී ලංකාවේ කළ ආකාරයටම,එහිදී ද ඉහළින් වැජඹෙන මිනිස්සු පිනවීම අපූරුවට කරමින් සිටින්නේය.ඒ අනුව ශ්‍රී ලංකාවේ රගර් මෑත ඉතිහාසයේ අවුල් කර ආසියානු සභාපතිගේ රටට පහතින් තැබීමට අවශ්‍යය පියවර ගැනීමට ද ඔවුන් හවුල්කාරයෝ වූහ.


ලෝකය ඉදිරියේ ලංකාවේ රගර්වල පමණක් නොව ශ්‍රී ලංකාවේම රෙද්ද අයින් කළ සිඳුවීමක් වන ශ්‍රී ලංකා කණ්ඩායමට විදේශීය ක්‍රීඩකයින් ශ්‍රී ලංකා පුරවැසියන් ලෙස ක්‍රීඩා කරවීමේ සිද්ධියට අදාළ ලිපි ලේඛණ සකස් කරන්නට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැත්තෙන් සහය වූ ලොක්කෝ සිටියේ ද?ලොක්කන්ට බලපෑම් කළ දේශපාලකයෝ සිටියේද?එසේත් නැතිනම් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර පුරවැසි සුදුසුකම පෙන්වීමට හැකි ලෙස අවශ්‍යය ලේඛණ සකස් කර ගත්තේ ද?


මේ කුමක් වුව ද,ඒ සම්බන්ධයෙන් ලෝක සම්මේලනය වරදක් කර ඇති බව තීරණය කර ශ්‍රී ලංකාවට දඩ මුදලක් ගසා ඇත.එසේ ජාත්‍යන්තරයෙන් වරදක් කරන්නට කටයුතු කළ පිරිස් මේ රටේ දේශපාලන ආශිර්වාදය ඇතුව විවිධ වගකීම්වලට පත් වීම,ආසියාවේම ලොකු පුටුවලට හේත්තු වී ලංකාවටත් පාර්ට් දැමීම මේ රටේ පුරවැසියන් හැටියට සංදර්ශන ලෙස නැරඹීමට සිඳු වී ඇත.ලෝකෙන් දඩුවම් දුන්නත්,ලංකාවේ දේශපාලනය සමග සම්බන්ධකම් තියෙන අයට ප්‍රභූ දොරවල් වැසෙන්නේ නැද්ද?ඔවුන්ට ලංකාවෙන් නොනැවතී ජාත්‍යන්තරයේත් පිළිගැනීමට හැකි පරිසරයක් සකසා ගැනීමට අවසර දෙනවාද?
සරලම ප්‍රශ්නය ලෝකය ඉදිරියේ වැරදි වී ඇත්තේ ශ්‍රී ලංකාවය.ශ්‍රී ලංකා රගර් වෙත දඩයක් පනවා ඇත්තේ එබැවින්ය.ඒ වරද රටේ සිටින සියළුම දෙනා හැටියට ජනාධිපතිගේ ඇමතිගේ සිට පහළම මට්ටමේ පුරවැසියා දක්වා බෙදා ගන්නවා ද,ඇත්තටම රටට ඒ විපත කළ උන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර දඬුවම් දෙනවාද යන්න ඇමතිවරයා සහ ක්‍රීඩාවට වගකියන ආයතන තීරණය කළ යුතුය.එසේත් නැතිනම් රාජපක්ෂ පුතාගේ රගර් දිනවන්න හොර වැඩක් කිරීමේ අවලාදය මේ රටේ සියලු පුරවැසියන් භාර ගත යුතුය යන්න ආණ්ඩුවේ තීරණය බව පැවසිය යුතුය.


ණයත් දුකත් බරක් හැටියට රටට දුන් පාලකයින් උන්ගේ උවමනාවන් වෙනුවෙන් කරන හොර ජඩකම් වල හොර නාම ද ජනතාව බෙදා ගත යුතු යැයි තීරණය කරනවා ද? ලෝකයෙන් දඩයක් පනවා ඇති වරදක් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරින්ට ද,නීතිය රකින ආයතනවලට ද පොල් කෙන්දක් තරමට නොදැනෙන රටක ඉන්න බව මතක් කර දීමට පාතාලයට ව්‍යාජ ගමන් බලපත්‍ර සැකසීම වෙනුවෙන් අත් අඩංගුවට ගත් නිලධාරින් දෙදෙනා හරහා සිහිපත් විය.දේශපාලකයන්ට සම්බන්ධ අයට මේ නීති අදාළ නොවීම ගැන සාක්ෂි සහිතව වසර 10 ක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රගර් විසින් පවුම් 50000 ක දඩයක් ගෙවමින් සිටීම මේ රටේ කිසිඳු ක්‍රීඩාව පාලනය කරන ආයතනයකට හෝ දේශපාලනඥයෙක්ට හෝ නීතිය රකින ආයතනයකට නොදැනීම කලෙකට පෙර මේ රට ආසියාවේ ආශ්චර්යය බවට පත් කරන බවට කී වචනවල අරුත විය නොහැකිද?මන්ද අන් ආසියාතික රටක්නම් රටට හොර නාමයක් ගෑ එකෙක්ට නිදැල්ලේ ඉන්නට දෙනු ඇතැයි සිතිය නොහැකි බැවිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan