රහතන් කන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 30කට හානි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): පවතින අධික වියළි කාලගුනයත් සමඟ බුත්තල රහතන් කන්ද රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 30කට ආසන්න ප්‍රමාණයක් විනාශයට පත්ව අති බව වාර්තා වේ.

දින එකහමාරක් තිස්සේ රහතන් කන්ද කදු රක්ෂිතයේ හටගත් මෙම ගින්න පැතිර ගොස් තිබූ බව සඳහන්වේ.

පොලිසිය සැක පළ කරන්නේ, කිසියම් පුද්ගලයෙකු රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි.

දැඩි වියලි කාලගුණික තත්ත්වය හා සුළං හමුවේ ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර, අද (18) උදෑසන වන විට ගින්න පැතිර යාම සම්පුර්ණයෙන්ම පාලනය වු බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතා සදහන් කළේය.

මෙම ගින්නෙන් රක්ෂිතයේ ඉපැරණි ශාක රැසක් විනාශ වී ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...

වැසි තත්වයේ අඩුවීමක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 15) දිනයේ සිට දිවයිනේ...

හානිය 25000 වුණත් ලක්ෂ 5 දෙනවා. ඒක රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් – ඇමති විජේපාල

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි සිදුවූ...