(VIDEO):මාතර තරුණ වේදිකාවේදී අනුර රාජපක්ෂලා, ප්‍රේමදාසලා කුජීත කරයි! තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කරන හැටි මෙන්න!

0
1629

කොළඹ LNW: රාජපක්ෂ පාලනයේදී මෙන්ම සජිත් ප්‍රේමදාස ද පසුගිය කාලයේදී තරුණ තරුණියන්ට රැකියා ලබා දුන් ආකාරය ඊයේ (17) මාතරදී පැවති ජාතික ජන බලවේගයේ තරුණ රැළිය අමතමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සිහිපත් කළේය.

ඒ අනුව පසුගිය කාලය පුරාම තරුණ තරුණියන් දේශපාලකයින් පසුපස ගෙන්වා ගත් දේශපාලනයක් පැවති අතර ඉදිරියේදී මෙහි පරිවර්තනීය වෙනසක් සිදුවිය යුතු බවයි දිසානායක මහතා සඳහන් කළේ.

තමන්ගේ පරම්පරාව නියෝජන පවතින දේශපාලන සමාජ රටාව තුළම හිඳිමින් එහිම යැපෙමින් සිටින නමුත් වර්තමාන තරුණ පරම්පාරව විනිවිදභාවය අපේක්ෂා කරන බවයි දිසානායක මහතා කියා සිටියේ.

ඒ අනුව විනිවිදභාවය ඇතිකරන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තවත් මාස හතකින් ස්ථාපිත වීමට නියමිත බවයි ඔහු අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ