ඊශ්‍රායලයෙන් අල්-ෂිෆා රෝහලට ප්‍රහාර මාලාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ අල්-ෂිෆා රෝහලට ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල හමුදා විසින් ප්‍රහාර මාලාවක් එල්ල කළ ඇති අතර, ගොඩබිම් මෙහෙයුම් වල නිරත ඊශ්‍රායල හමුදා එම රෝහලේ වැටලීමක් ද සිදු කළ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

තවද එම ස්ථානයෙන් යුධ ටැංකි ප්‍රහාර හා දරුණු වෙඩි තැබීම් ද වාර්තා වූ බවද සඳහන් වේ.

කෙසේ වෙතත් වැටලීමේදී රෝහල අඛණ්ඩව ක්‍රියාත්මක වීමට බාධාවක් නොතිබූ බව ඊශ්‍රායල හමුදා ප්‍රධානියා සඳහන් කළේය. ඔහු කියා සිටියේ, රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට ඉවත් වීමට දැනුම් නොදුන් බවයි .

පසුගිය නොවැම්බරයේ අල්-ෂිෆා රෝහල් වැටලීමේදී හමාස් සංවිධානය භාවිත කල උමං ජාලයක් හා ආයුධ ද සොයාගත් අතර, ගාසා ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,200ක් පමණ මියගිය අතර පලස්තීන වැසියන් 31,300 කට වැඩි පිරිසක් මිය ගිය බවද එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...