සෞඛ්‍ය වෘත්තිකයන් යළිත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW):හෙට (19) සහ අනිද්දා (20) සෞඛ්‍ය සේවකයන් යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

මාර්තු 05 වැනිදා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව සකස් කළ තාක්ෂණික වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, පසුගිය සති දෙකක කාලයේදී ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යුතු කටයුතු සඳහා මුදල් අමාත්‍යංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට කල් ලබා දුන් අතර, සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය එම කාල සීමාවේදී වර්ජන සිදු කිරීමෙන් වැළැකී සිටි බවද පෙන්වා දේ..

නමුත්, මේ වන විට මෙම වාර්තාවට අදාළ අනුමැතිය ලබාදීම දිනෙන් දින ප්‍රමාද වන බව පෙනී යන බැවින්, පසුගිය 14 වැනිදා රැස්වූ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නායකයන් 19 වැනිදා සහ 20 වැනිදා නැවත වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවීමට ඒකමතිකව තීරණය කළ බව ඔවුන් පවසයි.

ඒ අනුව අද (18 වැනිදා) සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නායකයන් නැවත රැස්වීමට නියමිත අතර, 19 වැනිදායින් පසු සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගය සහ ඉන් ඉදිරියට කරගෙන යනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇතැයි එම වෘත්තිය සමිති සන්ධානය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...