*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

මේ ආණ්ඩුව,නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කළා – ජී ඇල් පීරිස්

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): මෙම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලට පවා පයින් ගසා, නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කරන බව, (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහාචාර්ය ජී ඇල් පීරිස් මහතා පවසයි.

කතානායකවරයාට විරුද්ධව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට හෙට සහ අනිද්දා දෙදින තුළ සිදුවන බවත්, මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ අභිමතාර්ථය පදනම් කරගෙන විපක්ෂය මෙම විශ්වාස භංග යෝජනාව ගෙන ආ බවත් කිආ සිටියේය.

පාර්ලිමේන්තු ඉදිරිපත් කරන යම් පනතක් මානව හිමිකම් සමග ගැටෙනවා නම් එම පනත් සඳහා සංශෝධන හා නිර්දේශ ඉදිරිපත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය හිමිවන බවත්, මහජන අවශ්‍යතා රජයකට සම්පූර්ණ කළ නොහැකි අවස්ථාවලදී එයට විරුද්ධව නැගී සිටීමට මහජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අයිතිය හිමිවන බවද ඒ මහතා පෙන්වා දේ.

යෝජිත පනතකට නිර්දේශ ඉදිරිපත් කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සති තුනක් ඇතුළත ජනාධිපතිවරයාට හා කතානායකවරයාට දැන්විය යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරන නිර්දේශ හා යෝජනා අනිවාර්යෙන්ම රජය පිළිගත යුතු බවත් පවසයි.

මෑතකදී ඉදිරිපත් කළ මාර්ගගත ආරක්ෂණ පනත මගින් ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ විනාශ කළ බවත්,මෙම ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග වලට පවා පයින් ගසා, නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමේ දොරටු විවෘත කරන බවත්, පීරිස් මහතා කියා සිටී.

කථානායකවරයා යනු නිර්පාක්ෂික පුද්ගලයෙක් විය යුතු බවත්,එහෙත් වත්මන් කතානායකවරයා පක්ෂග්‍රාහී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, මෙතෙක් කතානායකවරු 25 දෙනාගෙන් දුර්වලතම කථානායකවරයා වත්මන් කතානායකවරයා බවත්, එතුමා විධායකයේ දිගුවක් බවට පත්ව ඇති බවත් පැවසීය.

වතින රජය ආඥාදායක පාලනයකට මග සකසන බවත්,එය කෙසේ වුණත් කතානායකවරයා මහජනතාවගේ මුලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ නියමුවා බවට පත්විය යුතු බවත්, ජුලි මාසෙ මැද භාගය වනවිට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට බලය හිමිවන බවත් පෙන්වා දුණි.

නාධිපතිවරණය කල්තැබීමට නීතියෙන් කිසිදු ඉඩක් නොමැති බවත්, එනම් අනෙකුත් මැතිවරණ මෙන් නොව නම්‍යශීලී නොවන නිශ්චිත කාලරාමුවක් තුළ පැවැත්විය යුතු බවත්, පාර්ලිමේන්තු මැතිවරණයකට මුවා වි, ජනාධිපතිවරණය කිසි විටෙක කල් දැමිය නොහැකි බවත්, ඒය නිශ්චිතය දිනවකානුවල අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත්, සදහන් කළේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan