සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 18, කොළඹ (LNW): පසුගිය කාලය පුරා අඛණ්ඩව ඉහළ ගිය එළවළු මිල පසුගිය සතියට සාපේක්ෂව තවදුරටත් මේ වන විට පහත වැටී ඇතැයි කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙන්දෝ මැසිවිලි නඟති.
මාස කිහිපයක් තිස්සේ රුපියල් පන්සියයත් එක්දහස් පන්සියයත් අතර පැවති බොහෝ එළවළු වර්ගවල මිල මේ වන වි රුපියල් දෙසීයෙන් පහතට වැටී ඇති බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් කියා සිටිති.
ඒ අනුව එළවළු මිල පහළ යෑම තව දුරටත් පැවැතිය හැකි යැයිද ඔහු පැවැසීය.
හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, මේ වන විට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග ප්‍රමාණයේ වැඩිවීමක්ද පවතින බවත් සිංහල අලුත් අවුරුද්දටත් මේ මිල පහත යෑම පවතිනු ඇති බවත් ය.
ගොවිහු පැවසූවේ, මේ වන විට රාබු විකුණා ගන්න බැරි තත්ත්වයක් පවතින අතර අනෙකුත් එළවළුවර්ගද මිල ඉතා පහළ මට්ටමක පවතින බවයි.
මේ නිසා තමන්ට එළවළු වගාවන් සඳහා වැය කළ මුදලවත් මේ වන විට සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බවත් රසායනික පොහොර මිල, කෘමිනාශක මිල ආදියත් කම්කරු කුලී ආදියත් ඉහළ අගයක පැවැතීම නිසා මෙම මිල පහළ යෑම දරාගත නොහැකි බවත් ගොවිහු කියති. රජය මැදිහත්ව රසායනික පොහොර මිල ඇතුළු කෘෂි යෙදවුම්වල මිල පහත දමන්නේ නම් එය ගොවියන්ට මහත් අස්වැසිල්ලක් වන බවත් පාරිභෝගිකයන්ටද අඩු මිලට එළවළු ලබා ගැනීමට පිටිවහලක් වන බවත් ඔවුහු පැවැසූහ.
මේ වන විට කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහත පරිදි සඳහන් වී ඇත.
බෝංචි රු 150 – 170, ගෝවා රු 280- 250, තක්කාලි රු. 200 -240, වම්බටු රු. 180 -150 , කැරට් රු. 280 – 250, බීට් රු. 200 – 250, අමු මිරිස් රු. 250 – 240, මාළු මිරිස් රු. 600 – 550, රාබු රු. 50 – 20, ආර්තාපල් රු. 250 – 300, ලීක්ස් රු. 180-160 නෝකෝල් රු. 150 – 120.
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/03/LNW-Newsroom-ad-at-the-bottom-Sin-1-37-1024x137.png)
![](https://sinhala.lankanewsweb.net/wp-content/uploads/2024/03/ට්ට්ට්ට්-819x1024.jpg)