කොළඹ LNW:පොහොට්ටුවේ හෝ වෙනත් කණ්ඩායමක වුවමනා ඉටු කිරීමට සමඟි ජන බලවේගය සූදානම් නැති බව අද (18) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
ජනාධිපතිවරයාට ඉතුරු හය මාසය හෝ සිටිය හැක්කේ පොහොට්ටුවේ පිරිස සමඟ සිටියොත් පමණක් යන්න වික්‍රමසිංහ මහතා දන්නා හෙයින් ඔහුද මේ මොහොතේ උත්සහ කරන්නේ පොහොටුවේ බහුතරය දිනා ගැනීමට බව අත්තනායක මහතා කියා සිටියේය.
එහෙත් අවසන් තීන්දුව ගන්නේ බැසිල් රාජපක්ෂ වන හෙයින් රනිල් වික්‍රමසිංහ නටන්නේ බැසිල් රාජපක්ෂගේ නූලට බවයි ඔහු සඳහන් කරන්නේ.
ආශිකා බ්‍රාහ්මණ