අද (18) දිනයේදීත් මේ වන විට කොළඹ කොටුවේ විරෝධතාවක් පැවැත්වෙනවා.
සමාජවාදී තරුණ සංගමය විසින් එය සංවිධානය කර තිබෙන අතර මරදාන ටෙක්නිකල් හන්දියේ සිට කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටට එය පැමිණෙමින් තිබෙනවා.
ඒ දේශීය සම්පත් විදෙස් රටවල් වෙත අලෙවි කිරීම, ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුලු කරුණු කිහිපයකට විරෝධය පළ කරමිනුයි එම විරෝධතාව සංවිධානය කර ඇත්තේ.