පෝලිම්වලට වගකියන්න ඕනෙ විපක්ෂය – පොහොට්ටු මන්ත්‍රී

Date:

වර්තමානයේදී ඇති වී තිබෙන ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, ඖෂධ පෝලිම් සියල්ලටම වගකිව යුත්තේ සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා. වසර පහකට ආසන්න යහපාලන කාලසීමාව තුළ ලබාගත් ණය හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වූ බව පෙන්වා දෙන එල්ලාවල මහතා පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අපහසුතා විඳිමින් ජනතාවට පෝලිම්වල රස්තියාදුවීමට සිදුව ඇති බවයි.

ශ්‍රී ලංකාව නිදහස ලැබූ දිනයේ සිට 2005 වසර දක්වා රුපියල් බිලියන 2200 ක ණය ලබාගෙන ඇති බවත්, 2005 සිට 2015 දක්වා තවත් රුපියල් බිලියන 5200 ක් ණය ලබාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. කෙසේ නමුත් 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව රුපියල් බිලියන 6500 ක් ණය ලබාගෙන ඇති බවත් යහපාලන ආණ්ඩුව මෙරට ඉතිහාසයේ වැඩිම ණය ලබාගත් ආණ්ඩුව බවත් සදහන් කරනවා.

අද පෝලිම් යුගයක් සම්බන්ධයෙන් චෝදනා කරන විපක්ෂය එදා යහපාලන ආණ්ඩුව සමයේදී ලබාගත් ණය මුදල් පිළිබඳව කිසිවක් කතා නොකරන බව පෙන්වා දෙන ලලිත් එල්ලාවල මහතා පවසන්නේ එම දැවැන්ත ණය කන්දට සිදුවූයේ කුමක්ද යන්න ඔවුන් මාධ්‍ය ඉදිරියට පැමිණ පැහැදිලි කළයුතු බවයි.

එදා විශාල ණය කන්දකට රට යට කිරීම හේතුවෙන් එහි අහිතකර ප්‍රතිඵල අද ජනතාවට භුක්ති විඳීමට සිදුව ඇති බවත්, වත්මන් ආණ්ඩුවට එහි පව් ගෙවීමට සිදුව ඇති බවත් එල්ලාවල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...