Putin සහ Trump අතර විශේෂ දුරකතන සංවාදයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (18) දිනයේදි , රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං හා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ දුරකතන සංවාදයක් පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය.

තවද, යුක්රේනයේ සාම ගිවිසුමේ බොහෝ කරුණු සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා හා තමා එකඟ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංවාදය පැවැත්වීමට පෙරම ඇමරිකා ජනාධිපතිවරයා යුක්රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අද (18) උදෑසන කාලයේදී ටෘෘත් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රුසියා ජනාධිපතිවරයා සමග මෙම දුරකතන සංවාදය පැවැත්වීමට නියමිත බවයි. සාම ගිවිසුමේ බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණියද තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඇති බව එම පණිවිඩයේ සඳහන් වන බවද වාර්තා වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, දෙපාර්ශවයෙන්ම අහිමි වන ජීවිත රැකගැනීම මෙම සාම ගිවිසුමේ මූලික අරමුණ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...