Putin සහ Trump අතර විශේෂ දුරකතන සංවාදයක්!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 18 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අද (18) දිනයේදි , රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටිං හා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ දුරකතන සංවාදයක් පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය.

තවද, යුක්රේනයේ සාම ගිවිසුමේ බොහෝ කරුණු සම්බන්ධයෙන් රුසියා ජනාධිපතිවරයා හා තමා එකඟ බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම සංවාදය පැවැත්වීමට පෙරම ඇමරිකා ජනාධිපතිවරයා යුක්රේන සාම ගිවිසුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළේය.

අද (18) උදෑසන කාලයේදී ටෘෘත් සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කරන්නේ රුසියා ජනාධිපතිවරයා සමග මෙම දුරකතන සංවාදය පැවැත්වීමට නියමිත බවයි. සාම ගිවිසුමේ බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟතාවයන්ට පැමිණියද තවත් බොහෝ කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඇති බව එම පණිවිඩයේ සඳහන් වන බවද වාර්තා වේ.

ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, දෙපාර්ශවයෙන්ම අහිමි වන ජීවිත රැකගැනීම මෙම සාම ගිවිසුමේ මූලික අරමුණ වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...