සටහන – රුවන් නෙළුගොල්ල
මෙරට අපනයනකරුවන් සහ සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් වැනි ඩොලර්වලින් ව්‍යාපාරවල නියැළෙන අයට ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ආනයනය කරගැනීම සඳහා තාවකාලික බලපත්‍ර ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
“පෞද්ගලික අංශයේ අපේ රටේ අපනයනකරුවන් සහ විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නියැළෙන්නන් වැනි ඩොලර්වලින් ව්‍යාපාරයේ යෙදෙන පිරිස ඔවුන්ට අවශ්‍ය වන තෙල් ආනයනය කර ගැනීම සඳහා බලපත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. අපි තාවකලිකව ඔවුන්ට ඒ අවස්ථාව ලබා දී තිබෙනවා. අපනයනකරුවන් 30ක් පමණ මේ සඳහා ලියාපදිංචි වී තිබෙනවා. සංචාරක කර්මාන්තයටත් එය ලබා දෙන්න සූදානම්. ඔවුන් ඩොලර්වලින් තෙල් ආනයනය කරනවා. ඩොලර්වලින් තෙල් අලෙවි කරනවා. හෙට උදේ සිට අපනයනකරුවන් සඳහා ඉන්ධන සැපයීමට හැකියාව ලැබෙනවා. ඔවුන් ඉන්ධන සොයා ගෙන තිබෙනවා. ඒ ඉන්ධන ඔවුන්ගේ ගබඩාවල තිබෙනවා. ඒ නිසා අපනයනකරුවන්ට සහ සංචාරක කර්මාන්තයේ යෙදෙන පිරිසට හෙට උදේ සිට පෞද්ගලික සමාගම් එම ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා. මේ අනුව, බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා අපි මෙවැනි ක්‍රමවේද ගණනාවකින් මැදිහත් වෙනවා”
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) රාත්‍රියේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ය.


