ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ ඇති කරගත් එකඟතාවයන් පාර්ලිමේන්තුවට

Date:

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවයන් එළඹෙන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවයි .

විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට ඒ සම්බන්ධයෙන් කතා කිරීමටත් විකල්ප අදහස් ඉදිරිපත් කිරීමටත් අවස්ථාව හිමිවන බව එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .

“අපත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇති කරගත් එකඟතාවයන් ප්‍රසිද්ධ කළ වහාම ඔවුන්ගේ වෙබ් අඩවිවල.. අපි දැනටමත් ඊට අනුමැතිය ලබාදී තිබෙනවා අපේ රට පැත්තෙන්. අපිට සැඟවීමට කිසිදු රහසක් නැහැ. ජාතියත් එක්කම මේ ගැන කතා කළ යුතුයි. IMF එක ප්‍රසිද්ධ කළ වහාම ජනාධිපති මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් ඉදිරිපත් කරනවා. ලබන සතියේ බොහෝ දුරට සිදුවෙයි. විපක්ෂයට සහ විවිධ මත පළකරන පාර්ශ්වයන්ට පාර්ලිමේන්තුවේ මේ ගැන කථා කරන්න හොඳ අවස්ථාවක් තිබෙනවා. ඔවුන්ගේ විකල්ප අදහස් ඉදිරිපත් කරන්නත් පැහැදිලි අවස්ථාවක් ලබා දෙන්න රජය සූදානම්.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උපන් දිනේට පැරදෙන්නෙ නැතුව ඉන්නනම් දිනන්නම ඕනි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: අද ශ්‍රී ලංකා විස්සයි...

පැරදුණත් බට්ටි ලොක්කියෙක් බව ලොක්කියන්ට පෙන්වයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: නිල්,අළු,කොළ සහ රතු ලෙස...

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

විද්‍යාව විජ්ජාවක් කරගත්, ජනසංහාරය කලාවක් කරගත්, අධිකරණ තීන්දු වලටත් බය නැති “මව්වරුන්”

අලුත් මරු සිනමාකරුවෙක් මතු වී ඇත

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: සැලෝලයිඩ් පටියක රහට පිංතූර...