රනිල් උගුල් අටවමින් දුවනවා.අපි අන්තිම වටේදී හරි එයාව කොටු කරනවා – AKD (VIDEO)

Date:

ජන්දයට දින දෙමින් රනිල් වික්‍රමසිංහ බොරු වලවල් කපමින් උගුල් අටවමින් ගියද අවසාන මොහොතේ හෝ කොටු කරගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ අද (18) අලුත් දිශාවකට අලුත් ඇරඹුමක් යන මැයෙන් මාලිමාව වෙනුවෙන් සරසවි ප්‍රජාව මහ සමුළුව අමතමිනි.

ඒ අනුව මේ මැරතන් එක ජයග්‍රහණය කරන්නේ පොදු ජනතාවගේ බලවේගය බවයි දිසානායක මහතා අවධාරණය කළේ.

පවතින තත්ත්වය අනුව අප්‍රේල් 25 ත් ජන්දයක් නොමැති අතර මැතිවරණයට මුහුණ දිය නොහැකි තරමටම ඔවුන් නිර්මාණය කළ අර්බුදය ඔවුන්ටම බලපා තිබෙන බව හෙතෙම සඳහන් කරන ලදී.

”අධිකරණ තීන්දු පවා ඒ අයට වාසි නම් විතරක් හොදයි කියනවා.නැත්නම් ඔවුන්ට අවාසි නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාද කඩ වෙනවා කියලා කියනවා. මේ වන විට විශාල පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියා අතහැරමින් සිටිනවා.මේ සිදුවෙන්නේ එක් සමාජ ක්‍රමයක ඓතිහාසික අවසානයයි.නමුත් ඔවුන් සාමකාමී ලෙස වේදිකාවෙන් බැස යන්නේ නෑ.වෘත්තීයවේදීන්ගේ සාධාරණ ප්‍රශ්නයකටවත් පිළිතුරක් ලබා දෙන්න බැරි තත්වයට ඒ අය පත් වෙලා.දැන් සරසවි සිසුන්ට කැළණිය විශ්වවිද්‍යාලය ළඟට එන්න බෑ ගහලා එලවනවා.ඒ අය ඒ තරම් අර්බුදයක ඉන්නේ.පොදු ජන රැල්ලක් නිර්මාණය වනවාට ඔවුන් බයයි.විලිරුදාවෙන් පෙළෙන ගැබිණි මාතාවකගේ තත්ත්වයට ලංකාව පත් වෙලා.අපි වඩාත් කැමති ස්වාභාවික දරු උපතකට.රනිල් වික්‍රමසිංහ හිතන් ඉන්නේ අපි මීටර් 100 දුවන්න ඇවිත් කියලා.නෑ අපි ආවේ මැරතන් එකක් දුවන්න.” යනුවෙන් අනුර දිසානායක මහතා තවදුරටත් අදහස් දැක්වූයේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...