කොළඹ රාජකීය විද්‍යාලය නිල් මහ සටන ලකුණු 181කින් ජය ගනී…

Date:

කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (18) සමත් විය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබූ අතර ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 168ක් රැස් කළ අතර ශාන්ත තෝමස් විද්‍යාලය රැස් කළේ ලකුණු 161කි. ජයග්‍රහණය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය මාර්තු 20 වනදා විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති බව ඔවුන් පැවසීය .

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...