හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ධවල මන්දිර නිලධාරී ජෙක් සුලිවර් පවසන්නේ හමාස් නායක මාවන් ඊසා මෙසේ මිය ගිය බවයි.

ඔහු හමාස් නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වු දා සිට මිය ගිය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයා මාවන් ඊසා බව එරට මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පලස්තීන හමාස් සටන්කාමීන් ඔහුගේ මරණය පිළිබද නිල වශයෙන් අදහස් දක්වා නැති අතර, මීට සතියකට පෙර මධ්‍යම ගාසා තීරයේ නුසෙයි රාට් සරණාගත කදවුරට පහලින් දිවෙන උමං මාර්ග පද්ධතියක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මිය ගිය බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...