ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙන් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් වෙන්ව රාජ්‍ය ව්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවේ එකම ඉන්ධන පිරිපහදුව වන සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව 1969 වර්ෂයේදී ආරම්භ කර ඇති අතර පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමින් 25%ක් පමණ එම පිරිපහදුව විසින් සපයනු ලබන බව රජය පවසයි.

අදාල පිරිපහදුව යාවත්කාලීන කර තවත් වසර 25ක් පමණ කාලයක් භාවිත කිරීම පිණිස තීරණාත්මක ආයෝජනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇති අතර ඒ සඳහා අවස්ථා ආයෝජනයන් දේශීය සහ විදේශීය පුද්ගලික අංශය මගින් සපයා ගැනීමට හැකිවන පරිදි සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව වෙනම රාජ්‍යවසායක් ලෙස ස්ථාපිත කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇරති බැවින්, විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...