පවුල් මිලියන 2.74කට මසකට නාඩු සහල් මල්ලක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW):ආර්ථික අපහසුතා ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023 වසරේ මුල් භාගයේදී සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු දිස්ත්‍රික්ක 25හි පවුල් මිලියන 2.74ක ප්‍රමාණයක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක කාලයක් සඳහා සහල් ලබාදීමට රජය විසින් පියවර ගෙන ඇත.

රජය පවසන්නේ, හඳුනා ගත් අඩු ආදායම්ලාභීන්ගේ පෝෂණ මට්ටම පවත්වාගෙන යාමට උපකාරයක් වශයෙන් මෙම වර්ෂයේදී ද එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව පෙනී ගොස් තිබෙන බවයි.

මේ අනුව, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සම්බන්ධ කර ගනිමින් දිස්ත්‍රික් ලේකම්වරුන් දිසාපතිවරුන් හරහා හඳුනා ගත් අඩු ආදායලාභී පවුල් මිලියන 2.74 ක් පමණ ආවරණයක් වන පරිදි එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහන මාස දෙකක් කාලයක් ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...