අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය!

0
292

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW): එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.

අප්‍රේල් මාසයේදී බිත්තර මිලියන 42ක් ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත අතර, ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබේ.

ඒ අනුව මේ වන විට බිත්තර මිලියන 18ක් පමණ ඇනවුම් කර තිබෙන අතර උත්සව සමයේ අවශ්‍යතා සඳහා තවත් බිත්තර මිලියන 42 ක් පමණ ආනයනය කළ යුතුව ඇති බවට ගණනය කර ඇති බව පැවසේ.