විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවට සහය වීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගනී

Date:

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව පෙන්වා දෙන එහි සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම පෞද්ගලික අංශයේ ව්‍යවසායක ප්‍රවර්ධනයට සහාය වීම කෙරෙහි විශේෂ අවධානය යොමුව ඇති බව ද සභාපතිවරයා පැවසීය. ආසියානු සංවර්ධන බැංකුව පසුගිය වසරේ දී ලබාදී ඇති සහන ණය මුදල ඩොලර් මිලියන 750කි. මේ වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කෙරෙන බව සත්සුගු අසකාවා මහතා කියා සිටි.

කොවිඩ් වසංගතය හමුවේ පසුබෑමට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නගාසිටුවීමටත් මානව ප්‍රාග්ධන සංවර්ධනයටත් සහාය වන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

කොවිඩ් වසංගතයේ බලපෑම අවම කිරීම සඳහා මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න ණය සහ මුදල් ආධාර ලබාදීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට ජනාධිපතිතුමා සිය ප්‍රශංසාව පළ කළේය.

හරිත කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ කර්මාන්ත කලාප සඳහා සෘජු විදේශ ආයෝජන සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

රජයේ ඉලක්කය, සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමයි. මේ සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටියේය.

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සම්මේලනය සැප්තැම්බර් මස 05 සිට 08 දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකාව තෝරාගැනීම පිළිබඳ සතුට පළ කළ ජනාධිපතිතුමා එය අභිමානවත්ව පැවැත්වීමට පූර්ණ සහාය දෙන බව පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...

ඉතිහාසයේ පළමු වරට 2025 දී ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය වාර්තා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා­වට නිද­හස ලැබී­මෙන් පසු වාර්තා...

ඒෂාන් මාලිංග තුන්වන තරගයට නැතත් ලෝක කුසලානයට සූදානම් ?

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: එංගලන්තය සමඟ පැවති දෙවන...

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...