ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතල අවදානම්ලු

Date:

බහුලව භාවිතා වන ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් බෝතලයක් අලුතින් නිෂ්පාදනය කරන ලද බෝතල්වලට වඩා හානිකර විය හැකි රසායනික ද්‍රව්‍යවලින් අන්තර්ගත බවට පර්යේෂකයන් පිරිසක් අනතුරු අඟවා ඇත.

ලන්ඩනයේ Brunel විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් බෝතල් වලින් බෝතල් කර ඇති ද්‍රාවණයන්ට කාන්දු වන රසායනික ද්‍රව්‍ය 150 ක් සොයා ගත් අතර, එම රසායනික ද්‍රව්‍ය 18 ක් හානිකර මට්ටම්වල පවින බව ඔවුන් පෙන්වා දෙයි.එසේම ප්‍රතිචක්‍රීකරණය කරන ලද Polyethylene Terephthalate (PET) භාවිතයෙන් බෝතල් කරන ලද බීම වල වඩා වැඩි රසායනික ද්‍රව්‍ය සාන්ද්‍රණයක් අඩංගු විය හැකි බව ඔවුන් සොයා ගත් අතර, එයින් තහවුරුවන්නේ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ ගැටළු පවතින බවයි.මෙනිසා හානිකර විය හැකි රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා වඩාත් ප්‍රවේශම් සහගත ප්‍රතිචක්‍රීකරණ ක්‍රම ඔවුන් සඳහන් කරයි.Thermoplastic PET යනු ආහාර ඇසුරුම්වල බහුලව භාවිතා වන ප්ලාස්ටික් වර්ගය වන අතර, එය තනි භාවිත බීම බෝතල්වල වඩාත් ජනප්‍රිය භාවිතයකි.

එවැනි බෝතල් PET ප්‍රතිචක්‍රීකරණය මට්ටම් වැඩි කිරීමට මුලංරම්භය සපයන අතර, බහුලව දක්නට ලැබෙන තත්වයකි. 2030 වන විට අවම වශයෙන් 30% ප්‍රතිචක්‍රීකරණය කළ අන්තර්ගතයන් PET(Polyethylene Terephthalate) බෝතල්වල අඩංගු විය යුතු බවට මෑත කාලීන යුරෝපා සංගමය නියෝගයක් නිකුත් කරන්නට විය.

මෙහි අහිතකර බලපෑම් අතර ප්‍රජනක ආබාධ, හෘද වාහිනී ගැටළු සහ පිළිකා ඇති කළ හැකි තත්වයක් පවති.මෙම පර්යේෂකයන් විසින් ප්ලාස්ටික් බෝතල් වලින්, රසායනික දූෂණය පිළිබඳව ලොව පුරා අධ්‍යයන 91 ක් සමාලෝචනය කර ඇත. අධ්‍යයනයට ප්‍රධානත්වය Brunel විශ්ව විද්‍යාලයේ හි පරිසර දූෂණ පර්යේෂණ සහ ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ කථිකාචාර්ය ආචාර්ය Eleni Iacovidou වෙත හිමි විය.

විශේෂයෙන්ම බෝතල් කළ බීමවල ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා, ප්‍රතිචක්‍රීකරණය කිරීමට පෙර පැරණි ප්ලාස්ටික් පිරිසිදු කිරීම සඳහා අදියර තුනකින් යුත් ක්‍රියාවලියක් භාවිතා කල යුතු බවට ඔවුන් පෙන්වා දෙයි. මෙහිදි ඉහළ උෂ්ණත්වය යටතේ සේදීම, ගෑස් සේදීම සහ රසායනික සේදීම එම පියවර ත්‍රිත්වයයි.

OUTBOUNDTODAY – SAHAN HEWAGAMAGE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...