යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමයකට එකඟ නොවන බව රුසියාව කියයි!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 19 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව, යුක්‍රේනය සමග පූර්ණ සටන් විරාමයකට එකඟ නොවන බව අවධාරණය කර ඇති අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර පැවැති දුරකතන සංවාදයකදී බව එරට මාධ්‍ය වාර්තා කරයි.

නමුත්, රුසියානු – යුක්‍රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියාව මෙහිදී කැමැත්ත පළ කර තිබෙන අතර, ජනාධිපතිවරුන් දෙපළ අතර මෙම දුරකතන සංවාදය පැය 2 කට ආසන්න කාලයක් පැවති බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එය අවසන් වූ සැණින් යුක්‍රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින්, රුසියානු හමුදාවට දැනුම් දී තිබුණු බව ද වාර්තා වේ.

තවද, රුසියානු – යුක්‍රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් අමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ දින 30 ක සටන් විරාමයට යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රමුඛ යුක්රේන රජය මේ වනවිටත් කැමැත්ත පළ කර තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...