සතොස වට්ටපු වැට්ටිල්ල අද පාර්ලිමේන්තුවේදී දිගහැරෙයි – යාපලාගේ කෙළි එළියට!(VIDEO)

කොළඹ LNW:අද (19) දින පාර්ලිමේන්තුවේ පැවති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශ වැය ශීර්ෂය සම්බන්ධ කාරක සභා විවාදයේදී සතොස ආයතනය සම්බන්ධයෙන් කරුණු ගණනාවක් අනාවරණය විය.

පසුගිය පාලනයන්හිදී සතොස ආයතන පාඩු ලබන තැනට කටයුතු සිදු වී තිබුණු ආකාරය පැහැදිලි කරමින් විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පත්වන විට සතොස ආයතනය රු බිලියන 22ක අලාභයක් ලබා තිබූ බවයි.

ඇතැම් සතොස අලෙවිසල් සේවක වැටුප ගෙවීම තබා ගොඩනැගිලි කුලිය හෝ ගෙවීමේ හැකියාවක් නොමැති තැනක පැවති බවද හෙළිවිය.

ඒ අනුව ආයතනය කඩා වැටෙන තැනට පත්කළ බහිරවයෝ,භූතයෝ වැනි පුද්ගලයින් ඉවත්කරමින් නව සභාපතිවරයා සමඟ කටයුතු සිදුකරමින් පවතින බවයි අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය වසරේ ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර සතොස වෙත සේවකයින් 500කට ආසන්න පිරිසක් බඳවා ගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයේ සතොස අලෙවිසල් තුළ සේවකයින් 259ක් සහ මාතර සේවකයින් 86ක අතිරික්තයක් පවතින බවයි සමරසිංහ මහතා පැවසුවේ.

හිටපු සභාපති පසඳ යාපා අබේවර්ධන විසින් සිය දේශපාලන හිතවත්කම් මත එලෙස කොළඹ සහ මාතර සතොස සේවකයින් බඳවා ගෙන ඇති බවත් එහෙත් මේ මොහොතේ ඔවුන්ගේ රැකියා අහිමි වීමක් සිදු නොවන අතර අලුතින් ආරම්භ කිරීමට නියමිත සතොස අලෙවිසල් වෙත ඔවුන් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම සතොස අලෙවිසල් වෙත භාණ්ඩ ලබා ගැනීමේදී නිසි ප්‍රමිතියෙන් ඉදිරිපත් නොකළ අසාදුලේඛන ගත කළ සැපයුම්කරුවන්ගෙන් ද භාණ්ඩ මිලදී ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.

පවතින තත්ත්වය මත සතොස ලාභ ලැබීම කෙසේවෙතත් සිල්ලර වෙළෙඳාමේදී මහජනතාවට සහන මිලට බඩු ලබා දීම ආණ්ඩුවේ වෑයම බවද සමරසිංහ මහතා අවධාරණය කරන ලදී.

විවාදය ආරම්භ කරමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් නගන ලද ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සතොස ආයතනය ක්‍රියාත්මක වී තිබුණු ආකාරය ගැන එලෙස පැහැදිලි කිරීමක් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...