පරිසරයට ආදරයෙන් හිරුට ලං වුණ ක්‍රිකට්

නිශ්මං රණසිංහ ,මාර්තු 19, කොළඹ LNW:

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රධාන ක්‍රීඩාංගන වෙත සූර්ය බලයෙන් විදුලිය ලබා ගැනීම කෙරෙහි සහ පරිසර හිතකාමී LED තාක්ෂණය භාවිතය ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය යොමු වූයේ බොහෝ කාලයකට පෙර සිටය. LED (Light Emitting Diode) තාක්ෂණය වර්තමානයේ පවතින වඩාත්ම පරිසර හිතකාමී ආලෝකකරණ ක්‍රියාවලිය ලෙස පිළිගැනීමට කාරණා කිහිපයක් වැදගත් වේ.මෙහිදී වැයවන ශක්තියෙන් සියයට 95 ක්ම දීප්තිය සඳහා වැයවන අතර තාපය ලෙස වැය වන්නේ සියයට 05 ක ප්‍රමාණයක් පමණි.සාමාන්‍ය බල්බවල ඇති රසදිය වැනි දේ අඩංගු නොවන නිසා පරිසරයට හානිකර ද්‍රව්‍ය නිකුත්වීම ද සිඳු නොවන්නේය.

කාබන් වැනි ද්‍රව්‍ය නිකුත්විම අවම කිරීමට මෙන්ම LED (Light Emitting Diode) තාක්ෂණය සහිත බල්බයන්ගේ දීර්ඝ ආයු කාලය ආර්ථිකයට සහනදායී විම නිසා ද වඩා වැදගත් පරිසර හිතකාමී ක්‍රියාවලියක් ලෙස ලෙඩ් භාවිතය හැඳින්විය හැකිය.විද්‍යුත් අපද්‍රව්‍ය ඉපැද්දීම අඩුවෙන් සිඳුවීම මෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අමු ද්‍රව්‍ය යොදා ගෙන නිපදවා තිබීම යන කාරණයද අතිශයින් වැදගත් අවධානය යොමු කළ යුතු එකකි.

එසේම පාරිසරික ගැටළු මතු නොකරන සූර්ය තාපය යොදා ගැකී කෙරෙහිද ශ්‍රී ලංකා ක්‍රිකට් හී අවධානය යොමු වූයේ වත්මන් අර්බූදය මතුවන්නට පෙරය.සිංහල ක්‍රීඩා සමාජ පිටිය මෙන්ම පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ද සපුරා සූර්ය විදුලියෙන් ක්‍රියාත්මක වෙමින් පවතියි.මේ වන විට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ වහල මත ද සූර්ය පැනල දැකිය හැකි අතර එම ක්‍රීඩාංගණය ද දිවයිනේ පළමු වරට ලෙඩ් තාක්ෂණයෙන් විදුලිය නිපදවීමට සළස්වන ලද ක්‍රීකට් ක්‍රීඩාංගණය වන රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ද මේ වන විට පූර්ණ වශයෙන් සූර්ල විදුලියෙන් මැසිරවීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ක්‍රීඩාංගණවලට සූර්ය පැනල හරහා විදුලිය ලබා ගැනීම විශාල ව්‍යාපෘති ගණයට වැටෙන අතර ඒවා පෙරළා පරිසරයට ලබා දෙන හිතකාමීත්වය සුළු නැත.එසේම අර්බූදකාරී ඉන්ධන දහනයට නොයන නිසා පරිසර හිතකාමීත්වයම පමණක් නොව විදුලිය උත්පාදනය කරන ක්‍රියාවලියත් සම්පූර්ණයෙන්ම පරිසරයට කිසිඳු හානියක් නොකරන අතරම,විශාල විදුලිය ප්‍රමාණයක් ලංකාවේ විදුලිය බෙදා හැරීම සඳහා එකතු කිරීම ද නොනවත්වා සිඳු කරයි.එයින් ශ්‍රී ලංකා ක්‍රිකට් යම් ආදායමක් ද උපයයි.

මේ වන විට ජාතික පිරිමි සහ කාන්තා පමණක් නොව ඉදිරි සැළසුම් සඳහා අවශ්‍යය වන දක්ෂයන් හඳුනා ගැනීමට ද විවිධ තරගාවලි ලංකාව පුරාම ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඒ සඳහා ද මේ සූර්ය විදුලිය හරහා ලැබෙන ආදායම් ද වැදගත් මෙහෙවරක් ඉටු කරනු සැක නැත.නිරන්තරයෙන් විවේචන සහ හෙළාදැකීම්වලට ලක්වන අතරේම ජාතික ක්‍රීකට් ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා විශාල වැඩ සටහන් ගණනාවක් ජාතිකමය වශයෙන් ද ප්‍රාදේශිය ක්‍රීඩාවේ සංවර්ධණය උදෙසා ද කරන අතරේම ආයතනික පරිපාලනය තුළ රටට බලපාන බලශක්ති අර්බූදය වැනි කාරණාවන් ගැන ද දුර දක්නා නුවණින් කටයුතු කරමින් රටේ ආර්ථිකයට සහ පරිසරය හිතකාමීත්වයට මූලිකත්වය ලැබෙනාකාරයේ ක්‍රියාකාරකම්ද ඇගයීමකින් තොරව රටට ප්‍රතිලාභ අත් කර දෙමින් සිටියි.පරිපාලනයේ වගකීම සහ ස්වභාවය කවරාකාර විය යුතු ද යන්න නිගමනය කිරීමට එහෙත් මෙැවනි කියාවන් පරමාදර්ශීය.