ලරිජානිගේ ඝාතනයෙන් පසු ඉරාන උත්තරීතර නායකයාගෙන් විශේෂ ප්‍රකාශයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:“සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති” යනුවෙන් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමෙනි විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ, ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනයට ලක්ව ඇති බව රජය තහවුරු කර පැය 24ක් ගතවීමට පෙරය.

ලරිජානිගේ අභාවය පිළිබඳ පුවත තමන් “දැඩි කනගාටුවෙන්” යුතුව පිළිගත් බවත් ඔහු ඉරාන දේශපාලන තන්ත්‍රය තුළ සිටි “බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ට” චරිතයක් ලෙස උත්තරීතර නායකයා හඳුන්වා දී තිබේ.

මෙවැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බවද ඉරාන උත්තරීතර නායකයා කියා ඇත.

ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බවද ඔහු තවදුරටත් අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මනියේ ජීවන වියදම් විරෝධතා ප්‍රචණ්ඩ වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ජර්මනියේ ඉහළ යන...

සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින් ජීවමාන ප්‍රතිමාවක්: සජිත් මුල පුරයි!

සජිත් ප්‍රේමදාස මහතා විසින් සියඹලංමුව වැව් රක්ෂිතයේ ‘කාවන්තිස්ස’ නමින්...

ටාවිගෙන් තවත් ජාත්‍යන්තර රන් පදක්කමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ මේස පන්දු...

63 වැනි ABU මහා සභා රැස්වීම අද (01) කොළඹදී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ආසියා-පැසිපික් විකාශන සංගමයේ (ABU)...