කෙහෙළියට උසාවි එන්න දුන් සැප වාහනය ගැන විමර්ශනයක්. බන්ධනාගාර කොමසාරිස්ටත් වැඩ වරදියිද ?

Date:

ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් මිලදී ගැනීමේ වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට රැගෙන ඒම සඳහා බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහනය කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් පරිත්‍යාග කර තිබෙන KDH වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම වෑන් රථය පරිත්‍යාග කිරීමේදී ළමුන් හැර රැඳවියන් ප්‍රවාහනයට කිසිසේත්ම මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබූ කොන්දේසිය ද උල්ලංඝනය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වුවමනාව මත එය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ලබාදී ඇති බවත් අදාළ පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ අදාළ දිනයේ ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමාණවත් බස් රථ නොතිබුණු බැවින් එම වෑන් රථය යොදාගත් බවට නිලධාරීන් දැනුම්දුන් බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...