සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 20, කොළඹ (LNW):කොළඹ කොටුවේ සිට දකුණ කළුතර බලා ධාවනය වු සීඝ්රගාමි දුම්රියක් ඊයේ රාත්රී 7.15ට පමණ පීළිපැනීමකට ලක්වීමත් සමඟ මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා පැමිණ තිබෙන බව වාර්තා වේ.
කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්රදේශයේදී මෙලෙස පීනි පැනීම හේතුවෙන්, මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිර වු අතර දුම්රිය ගමන් වාර කිහිපයක් ද අවලංගු කිරීමට කටයුතු කර ඇත.
අද උදෑසන කොළඹ දක්වා ධාවනය වු දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කර වීමට කටයුතු කර තිබුණු අතර, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පීළිපැණීමට ලක්වු දුම්රිය පීළිගත කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බවයි.