ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡා 3ක් අද!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW):අද (20) දින වත්මන් දේශපාලන තත්ත්වය හා පක්ෂයේ ඉදිරි පියවර පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාකච්ඡා 3ක් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

පළමු සාකච්ඡාව පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර දෙවැනි සාකච්ඡාව පොදුජන පෙරමුණේ හිටපු පාළාත් සභා මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් අද පැවැත්වෙනු ඇති බව සඳහන් වේ. තුන්වැනි සාකච්ඡාව වෘත්තීය සිමිති නියෝජිතයින් සමග පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.

ඉදිරි මැතිවරණවලදී පක්ෂය තරග කළ යුතු ආකාරය, ජනාධිපති අපේක්ෂකත්වය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මතය විමසීමට මෙම සාකච්ඡාවලදී නියමිත බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් පාලන ප්‍රධානීන් හා බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගිය දා පැවැත්වූ අතර, ඔවුන්ගෙන් බහුතරය පවසා ඇත්තේ, පක්ෂයෙන් බාහිර පුද්ගලයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීම නොකළයුතු බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ , ප්‍රථමයෙන් මහ මැතිවරණයකට යාම වඩාත් යෝග්‍ය බව හිටපු පළාත් පාලන ප්‍රධානීන් බහුතරයකගේ මතය වූ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...