යළි මල්වර වීම 22 දා ඇරඹේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 19, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පාපන්දු කේෂ්ත්‍රය වැසී තිබුණු අන්ධකාරය මැකී යමින් සිහින් ආලෝක කදම්බයක් පතිත වීමේ සුබ මොහොත මාර්තු 22 වන දා උදාවීමට නියමිතය.පරිපාලනයට පාපන්දු ආදරවන්තයන්ගේ සහයෝගයෙන් ලැබුණු ලැබුණු ලාංකේය සම්භවයක් ඇති විදේශ රටවල ඉහළ මට්ටමෙන් පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ සහයෝගය ලැබී තිබෙන නිසා මාර්තු 22 වන දා සිට ශ්‍රී ලංකා පාපන්දුව ශ්‍රේණිගත කිරීම්වල ප්‍රගතිය කරා පැමිණෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.


ශ්‍රී ලංකාවේ මාර්තු 22 වන දා සහ මාර්තු 25 වන දා තරග හතරක් ක්‍රියාත්මක වන අතර මේ වන විට එම තරග සඳහා සහභාගි වීමට භූතානය,පැපුවා නිව්ගිනියා සහ මධ්‍යම අප්‍රිකාව මෙරටට පැමිණ සිටියි.ශ්‍රී ලංකාව මේ තරගාවලියේ දී භූතානය සහ පැපුවා නිව් ගිනියා කණ්ඩායම්වලට එරෙහිව තරග වඳින්නට සූදානම් ය.
ශ්‍රී ලංකාව පළමු තරගයට සහභාගිවන්නේ මාර්තු 22 වන දා පස්වරු 8.45 ට ය.ප්‍රතිවාදීන් වන්නේ පැපුවා නිව්ගිනියා කණ්ඩායමය.මාර්තු 15 වන දා එම වේලාවටම ශ්‍රී ලංකාව සහ භූතානය අතර තරගය පැවත්වෙනු ඇත.ශ්‍රී ලංකාවට මුණ නොගැසෙන කණ්ඩායම වන මධ්‍යම අප්‍රිකානු කණ්ඩායම මේ තරගාවලියට සහභාගිවන ප්‍රබලතම කණ්ඩායම වන අතර ඔවුන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 129 වන තැන සිටියි.ඉන් අනතුරුව පැපුවා නිව්ගිනියා 165 වන තැන ද,භූතිනය 184 වන තැන ද සිටින අතර ශ්‍රි ලංකාව 204 වන තැන පසු වෙයි.


මේ තරගාවලියේ දී ශ්‍රි ලංකා කණ්ඩායම දක්වන දස්කම් අතිශයින් වැදගත් වන අතර නව කණ්ඩායම සමඟ ඔවුන් මුහුණ දෙන තරග දෙකම ජය ගතහොත් විශාල ලෙසින් ඉදිරියට ඒමේ හැකියාවක් පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති විජිතගේ ආරාධනය!

කොළඹ LNW: මෙරට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට නිෂ්පාදනයට එක්වන...

“ව්‍යාපාර විශිෂ්ඨත්වය සඳහා ඵලදායිතාව” තුළින් තිරසාර අපනයන වෙළඳපලක් බිහිකරමු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : පොලිස් මාධ්‍ය කොට්ඨාසය...

මාලිමාවට සහය දුන් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට පක්ෂ තහනමක්!

කොළඹ LNW:පක්ෂයේ තීරණයට එරෙහිව යමින් කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී...