*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

මේක ඓතිහාසික අවස්ථාවක් මඟ හරින්න එපා – ජගත් මනුවර්ණ

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): බැසිල් රාජපක්ෂලා හැමදාමත් කළේ “රට ජාතිය අනතුරේ” කියමින්, පුරවැසියා රවටමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකර ගන්න එක බවත්, ඒ නිසාම අද අපේ දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි වී ඇති බවත්, චිත්‍රපට අධ්‍යක්ෂ සහ රංග ශිල්පී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ජගත් මනුවර්ණ අවධාරණය කරයි.

උදේ ගෙදරින් පිටවී යන පුද්ගලයා නිරුපද්‍රිතව ගෙදර එයිද කියන සැකයෙන් සිටීමට සිදුව අති බවත් , පාතාලය පාරපුරා වෙඩි තබාගන්න සමාජයක් බිහිවෙලා තිබෙන බවද ඔහු පවසයි, මිනිසුන්ගේ මනස පෝෂණය කළ යුතු බවත්, අනෙකා ගැන හිතන සංවේදී මිනිස්සු පිරිසක් මේ රටට අවශ්‍ය බවද මනුවර්ණ පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජගත් මනුවර්ණ මහතා,

“ලංකා ඉතිහාසයේ පළමුවෙනි වතාවට මේ රටේ දේශපාලන බලය ජනතාවගේ අතට මාරුවෙන්න යනවා. මෙතන සිටින තරුණයන්ගෙන් බහුතරයක් අපේ රටේ දේශපාලන වෙනසක් වෙනුවෙන් විවිධ දේශපාලකයන් බලයට පත්කර ඇති. මේ රටේ හිටපු ජනාධිපතිවරු පස්දෙනෙක් එක පෙළට රටේ ජනතාවට, තාරුණ්‍යයට එරෙහිව සිටගන්න අද සූදානම්. ඔවුන් බයයි දේශපාලනය ඔවුන්ගේ අතින් ජනතාවගේ අතට මාරුවෙන එක ගැන. මේ රටේ බලයට පත්වුණු ආණ්ඩුවල තුඩ තුඩ රැව්දීපු එකක් තමයි ජාතික ආරක්ෂාව, මහජන ආරක්ෂාව. ඒ මහජන ආරක්ෂාව සහිතව මෙතෙක් කල් ගොඩනගපු රටේ, අහන්න සිදුවී ඇති දේ තමයි මිනිස් ඝාතන, වෙඩි තැබීම්, තැන තැන සිදුවෙන මංකොල්ල කෑම්.

බැසිල් රාජපක්ෂ කියනවා රටේ අරගලය වෙලාවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය බාර ගත්තේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්වෙලා තිබුණ නිසා කියලා. ඒ අවස්ථාවේ රටේ දේශපාලනඥයන්ගේ නිවාස ගිනි ගත්තා. නමුත් ඔහු එදා දහවල් අරගලයේ තරුණයන්ට පහරදීලා තරුණයන් ඒ නිවාසවලට කැඳවාගත් නිසා ප්‍රචණ්ඩත්වයක් ඇතිවීම ගැන කියන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ ජාතික ආරක්ෂාව කියන්නේ මේ ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව. ඔවුන් හැමදාමත් කළේ “රට ජාතිය අනතුරේ” කියමින්, පුරවැසියා රවටමින්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකර ගන්න එක. ඒ නිසාම තමයි අද අපේ දරුවන්ට පාරේ බැහැලා යන්න බැරි, උදේ ගෙදරින් පිටවී යන පුද්ගලයා නිරුපද්‍රිතව ගෙදර එයිද කියන සැකයෙන් ඉන්න වෙලා, පාතාලය පාරපුරා වෙඩි තබාගන්න සමාජයක් බිහිවෙලා තිබෙන්නේ. ඔවුන් කියන ආරක්ෂිත රට ගොඩනඟා තිබෙනවාද? ජාතික ආරක්ෂාව කියන්නේ පොලිසිය, හමුදාව පාරපුරා ආයුධ අතේ තබාගෙන ඉන්න එක නොවෙයි. මිනිසුන්ගේ මනස පෝෂණය කරන්න ඕනෑ. අනෙකා ගැන හිතන සංවේදී මිනිස්සු පිරිසක් මේ රටට අවශ්‍යයි. අනෙකුත් ජාතීන් කෙරෙහි, සංස්කෘතීක අනන්‍යතා පිළිගන්න ජන සමාජයක් අපි ගොඩනඟන්න ඕන. දරුවාට තමන්ගේ ළමා විය බුක්ති විඳිය හැකි, කාන්තාවට තමන්ගේ අයිතිවාසිකම් බුක්ති විඳිය හැකි, තරුණයාට තමන්ගේ තරුණ ජීවිත උරුමය බුක්ති විඳිය හැකි සමාජයක් තමයි අපි ජාතික ආරක්ෂාව සහිත සමාජයක් ලෙස හඳුනාගන්නේ.

අවුරුදු 76ක් මේ රට පාලනය කළ කිසිම ආණ්ඩුවක් අපට මේ රට ගොඩනඟා දී නැහැ. අනාගතයේ අපට සුරක්ෂිත සමාජයක් ජාතික ජන බලවේගය විසින් ගොඩනඟා දෙනු ඇතැයි විශ්වාසයෙන් යුතුව තමයි මේ තරුණ පිරිස අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ලෝකයේ දියුණු යැයි සම්මත රටවල, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කෙරෙන රටවල තරුණයන්ට ඔවුන් ලබා ගන්නා වැටුපෙන් සුරක්ෂිත ජීවිතයක් ගත කළ හැකි සමාජයක් ඔවුනට ලබාදී තිබෙනවා. අපේ රටේ තරුණයාට ඒ වරප්‍රසාද අහිමි වෙලා තිබෙනවා. එවන් පසුබිමක ඡන්දයක් පවත්වන වෙලාවක හාල් මිටියට, අස්වැසුමට, රට යවන බවට දෙන බොරු පොරොන්දුවලට රැවටිලා ඡන්දය දෙනවා නම් ඔවුන් තරුණයන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒවට නොරැවටෙන මේ තරුණ තරුණියන් ගැන අපිට ආඩම්බරයි. මේ රටේ අනාගතය වෙනස් කරන්න ඕන, ඒ හැකියාව අපට තිබෙනවා, ඒකට සුදුසු තැන ජාතික ජන බලවේගය බවට මේ අය තේරුම් ගෙන තිබෙනවා. මේ රට බාර ගන්නේ පුද්ගලයෙක් හෝ දෙන්නෙක් නොවෙයි. අපි සියලු දෙනාම එකතු වෙලා. මේ ඉන්නේ කොන්දේසි සහිතව එකතු වූ පිරිසක්. ඔබ අපට වගකීමක් දී තිබෙනවා. ඔබත් හවුල් කර ගත්ත, ඔබ විසින් බලයට ගේන ආණ්ඩුවක් විසින් මේ රට ගොඩනගයි කියන කොන්දේසියට ඔබ අපව එකඟ කරගෙන තිබෙනවා. ඔබ ජාතික ජන බලවේගය කෙරෙහි තැබූ විශ්වාසය බිඳක්වත් පලුදු නොකර ඔබ බලාපොරොත්තු වූ රට ඔබේ සිහිනය සැබෑ කරන්න ජාතික ජන බලවේගය සූදානමින් ඉන්නවා.

කොඩිගහයට අධ්‍යක්ෂවරයා හැටියට බලාපොරොත්තු වූ කරුණක් තිබෙනවා. එහි මහේෂ්ට අත්වූ ඉරණම මේ රටේ සැමියෙකුට, තාත්තෙකුට උරුම වෙන්න ඕන නැති බව, පියල්ට අත්වූ ඉරණම මේ තරුණයාට අත්විය යුතු නැති බව, ශ්‍රීයානිලාට, ජීවනීලට උරුම වූ ජීවිතය මේ රටේ මව්වරුන්ට බිරින්දෑවරුනට උරුමවිය යුතු නැති බව, නිලන්තිලා, අසේලලාට අත්වූ ඉරණම අපේ තරුණියන්ට අත්විය යුතු නැති බව අපි පිළිගන්නවා. නිර්මාණකරුවන් විදිහට අපි උත්සාහ ගන්නවා සමාජ තත්වය ඒත්තු ගන්වන්න. ඒ පණිවිඩය ඔබට ගේන ගමන් එතනින් නොනැවතී තවත් පියවරක් ඉදිරියට තියලා ඔබ අතරට ඇවිත් මෙය තේරුම් ගන්න කියන පණිවිඩය දෙන්න ඔබ අතරට ඇවිත් තිබෙනවා. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන නොසිට අපිත් එක්ක අත්වැල් බැඳගන්න, මේ පුනරුදය ආරම්භ කරන්න, මේ ගමන අපිත් සමග යන්න අපත් සමග එක්වුණු ඔබ, අපට ආඩම්බරයක්. ජාතික ජන බලවේගයට ආඩම්බරයක්. මේ තරුණ ජන ගඟ තව තවත් විශාල වෙලා රටපුරා යාමට නියමිතයි. පාලකයෝ බයවෙලා ඉන්නේ. මේ රට පාලනය කළ සියලු දෙනා එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක පොරබදන්න. මේ රට විනාශ කරපු, ඒ පරණ, එක්ස්ෆයර් වුණු, පිරිස එකතු වෙලා ඉන්නවා. එන්න අපිත් එක්ක සටන් බිමට, නිරායුධව, නිර්ප්‍රචණ්ඩත්ව, ප්‍රජාතන්ත්‍රවාදීව ඔබ පරාජය කරනවාමයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපිත් එක්ක ඉන්නවා. තාරුණ්‍යයට ජයවේවා! ජාතික ජන බලවේගයට ජයවේවා.”

ඔහු මේ බව අවධාරණය කළේ මාතරදි .“YOUTH අපි SET එකම FIT එකේ මාලිමාවට – නව නිදහස් සටනේ SMART තාරුණ්‍යයේ පෙළගැස්ම…”  යන තේමාවෙන් පැවති ජාතික ජන බලවේගයේ තරුණ රැලිය අමතමිනි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan