දකුණු කොරියාවට අයත් නෞකාවක් අනතුරේ, ලක්වීමෙන් 7දෙනෙකු මිය යයි!

0
317

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ දී දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු සිට ඇති බවයි ,

අනතුරින් තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙන අතර , යාත්‍රාවේ සිටි තවත් දෙදෙනෙකු සොයාගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.