පාසැල් හැරයන සිසුන් අනාගතය උදෙසා බල ගැනිවීම සඳහා විශේෂ වැඩසටහනක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 20, කොළඹ (LNW): විවෘත විශ්වවිද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යන මධ්‍යස්ථාන, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සහ මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සමග එක්ව පාසැල් හැරයන සිසුන් අනාගතය උදෙසා බල ගැනිවීම සඳහා විශේෂ වැඩසටහනක් ආරම්භ කරයි.

අද දින (2024.03 20) ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අම්බලන්ගොඩ අධ්‍යයන මධ්‍යස්ථානය විසින්, කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේදී, පාසැල් හැර යෑමට අපේක්ෂිත දුවාදරුවන්, අනාගතය ලෝකය උදෙසා බල ගැන්වීමේ සුවිශේෂී වැඩ සටහනක් ආරම්භ කරන ලදී.

මෙම වැඩ සටහන සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සහ මත් පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිය සම්පත් දායකත්වය ලබා දෙන ලද අතර, පාසැල් හැර යෑමට අපේක්ෂිත යන දුවා දරුවන්ගේ නායකත්වය ඔප් නැංවීම සහ නිවැරදි අධ්‍යාපන දැක්මක් ඇති කර ගැනීම මගින්, ඔවුනගේ අනාගත සමාජය පරිවර්තනය කිරීම සඳහා මැදිහත් විමක් සිදු කිරීම මෙම වැඩ සටහන් මාලාවේ අරමුණයි.

මෙම වැඩසටහන් මාලාව, අවධානය ගිලිහුණු කුඩා පාසැල් ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්, වැඩ සටහන් මාලාවේ ආරම්භය ගාල්ල දිස්ත්‍රික්කය මූලික කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම වැඩසටහන් මාකලාවේ මිලඟ වැඩ සටහන, තම පාසැල තුල ක්‍රියාත්මක කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේනම්, ඒ සඳහා ඉල්ලුම් කල හැකි බවද සංවිධායක මණ්ඩලය විසින් එහිදී දන්වා සිටින ලදී.

මෙම වැඩසටහන අවසානයේ තෝරා ගත් සිසුන් කණ්ඩායමක් සඳහා විශේෂ නායකත්ව පුහුණුවක් ලබා දීමටද සැලසුම් කර ඇත.

විමසීම් 0706215101

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට

හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් සමග...

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...