වෙරළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තේරීම් කමිටුවට සාධාරණය ඉටු කරති

Date:

බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර එම කණ්ඩායම් තේරීම් සම්බන්ධයෙන් විවේචනයට බඳුන් වූ තේරිම් කමිටුවද මේ හැකියාව නිසා සැනසුම් සුසුම් හෙලන්නට මඟ සෑදිණි. මධ්‍යම ආසියාතික තරගාවලියේ දක්ෂතා දැක් වූ කණ්ඩායම් නොසළකා තේරීම් කමිටුව අලුතින් කණ්ඩායම් නිර්මාණය කරමින් කළ ක්‍රියාවට බරපතල විවේචන එල්ල වූ අතර එයට විරෝධය පා ගුවන් හමුදා කණ්ඩායම ජාතික සංචිතයෙන් ඉවත් කර ගන්නට ගත් තීරණය නැවතීමට පසුව ගුවන් හමුදාපතිවරයාට ද මැදිහත් වෙන්නට සිඳු විය.

මේ වාතාවරණය හමුවේ ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම ලෙස තේරීම් කමිටුව නම් කළ අශේන් රශ්මික සහ මලින්ත යාපා නියෝජනය කළ කණ්ඩායම සමස්ත තරගවලිය තුළම කිසිඳු කණ්ඩායම්ක ඉදිරියේ එක් තරග වටයක් හෝ පරාජයට පත් නොවී සූරතාවය දිනා ගැනීම කැපී පෙණින.අවසාන තරගයේදී ද ස්මයිල් සජීද් සහ ආදම් නසීම් දෙදෙනාට එරෙහිව මලින්ත සහ රශ්මික තරගය ජයග්‍රහණය කළේ ලකුණු 21 – 13 ක් සහ 21- 13 ක් ලෙස තරග වට 2- 0 ක් ලෙසය.

දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුශානි තරගාවලිය තුළ ක්‍රමිකව සිය වර්ධනය සාක්ශාත් කර ගන්නා බවක් දක්නට ලැබිණි.පථම වටයේදී ඔවුන් අවසාන තරගයේදී ලකුණු 21 – 18 සහ 22 – 20 ක් ලෙස තරග වට 2-0 ක් ලෙස පරාජයට පත් කළ සිංගප්පූරුවේ හුයි හායි එලිසා සහ වෙයි යූ පරාජයට පත් කරේ තරග වට 2 – 1 ක් ලෙසය.එපමණක් නොව දීපිකා සහ චතුරිකාට මැලේසියාවේ සින්ග් යී සහ සින් ෂී පරාජයට පත් කරන්නටද ප්‍රථම වටයේදී වට තුනක් වැය කරන්නට සිඳු විය.

ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකම අපරාජිතව පොදු රාජ්‍ය මණ්ඩලීය තරග සඳහා ආසියාව නියෝජනය කරන කණ්ඩායම් අතරට ඇතුළත් වෙමින් තරගාවලිය ජය ගනිද්දී පිරිමි අංශයේ දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් මාල දිවයිනට සහ මැලේසියාවට හිමි විය.කාන්තා අංශයේ අනු සූරතාවය සිංගප්පූරුවද තෙවන ස්ථානය මැලේසියාවද හිමි කර ගත්තේය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...

අර්ජුන රණතුංග අත්අඩංගුවට ගන්නා බව අධිකරණයට දැනුම් දෙයි. ධම්මික රණතුංගට ඇප

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඛනිජ...

ඕස්ට්‍රේලියානු රජයට සහ මියගිය පුද්ගලයින්ගේ පවුල් වලට මාගේ ශෝකය – ජනපති අනුර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : එක්ස් පණිවුඩයක් නිකුත්...